*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ටෙස්ට් මැච් එකේ, කරන්න තියෙන ටෙස්ට්

පළමු ටෙස්ට් තරගය පරාජය වීමෙන් පසුව ගාල්ල ක්‍රීඩාංගණයේදීම දෙවන ටෙස්ට් තරගයට ද ඔස්ට්‍රේලියාව හමුවන්න සූදානමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ අත්හදා බැලීම් විශාල ප්‍රමාණයකට මැදිවය.පළමු ටෙස්ට් තරගය අතරතුර කොවිඩ් රෝගයේ ගොදුරක් වූ ඇන්ජලෝ මැතිවිස් හෙට තරගයට සූදානම් බව කීව ද,සෞඛ්‍ය තත්ත්වය කෙබඳු වේදැයි සිතීමට අපහසුය.
එසේම මේ වන විට ධනංජය ද සිල්වා,ජෙෆ්රි වැන්ඩර්සේ,අසිත ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම සිටින්නේ කොවිඩ් රෝගීන්ගේ ගොඩේය.ලසිත් ඉවත් කර ඇත්නම් ප්‍රවීන් ද නැතිකම හිස්කමේ පරිමාව වැඩි කිරීමක්ය.එවිට යොදාගන්නේ කවුරුන්ද?ටෙස්ට් අත්දැකීම් නැති ක්‍රීඩකයෝ සිව් දෙනෙකි.ඒ දුනිත් වෙල්ලාලගේ,ප්‍රභාත් ජයසූරිය,ඩිල්ෂාන් මධුශංඛ සහ ලක්ෂිත මානසිංහ ය.
හෙට ඇන්ජලෝ ක්‍රීඩා කරන බව සිතූ විට එය හොඳ තත්ත්වයකි.නමුත් කලෙකට පෙර තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම්වල සිටි හෂාන් තිලකරත්න හෝ තිලාන් සමරවිර පන්නයේ නියෝජනයක් වී තිබෙන ධනංජය සිල්වාගේ තැනට ආදේශකයක් සෙවීම දුෂ්කරය.විශේෂයෙන්ම ඔහු අවශ්‍යය මොහොතේදී පන්දු යවන්නෙක් හැටියට දෙන සහයෝගය ද වැදගත්ය.හෙට තරගයේදී මේ තුන් ඉරියව් අපේක්ෂාව ධනංජය මෙන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ගෙන් ගැනීම අපේක්ෂා කරන්නේනම් ධනංජය මෙන් දඟ පන්දු යවන්නෙක් නොවුණත් තරගයට කැදවා තිබෙන සංචිතය අනුව එතැනට චාමික කරුණාරත්නට ඒමට ඉඩ ඇත.
වේග පන්දු යවන්නාගේ භුමිකාව බොහෝ විට බංගලාදේශ තරගයේ දක්ෂතා අතර සිටි කසුන් රාජිතට පිරිනැමෙනු ඇත.අසිත ප්‍රනාන්දුගෙන් හිස් වන තැනට විශ්ව ප්‍රනාන්දුට වඩා කසුන් කැදවීමට ඔහු මෑත කාලයේ දක්වා තිබෙන දක්ෂතා වැදගත් වෙනු ඇත.මේ සියල්ල පසෙක ලා ධනංජයගේ හිස් තැන නවක දුනිත්ට ලබා දීමට ද ඉඩ ඇත.නමුත් ඔහුට ආරම්භ කිරීමට එය උචිත බරක්ද යන්න සිතීම වටින්නේය.නමුත් දඟ පන්දු යවන්නන් කැඳවීමේදී දුනිත්ට සහ ප්‍රභාත් ජයසූරියට වැඩි ඉඩක් කාලීන දක්ෂතාවය මෙන්ම පන්දු යැවීමේ ස්වභාවයන් අනුව ද හිමි වෙන්නට ඉඩ ඇත. ප්‍රභාත් සහ දුනිත් දෙදෙනාම ටෙස්ට් අත්දැකීමට අලුත් නිසා බොහෝ විට ප්‍රභාත්ගේ අවස්ථාව ලක්ෂාන් සඳකැන්ට හිමි වෙන්නට ද ඉඩ ඇත.
එසේම පන්දුවට පහර දීමේ හැකියාව ඇති දඟ පන්දු යවන කමිඳු මෙණ්ඩිස් ද සිටින නිසා එය ද සැළකිල්ලට යොමු කළ යුතුය.කෙසේ හෝ එක්වරම කොවිඩ් රෝගයට තරගයට නම් කර තිබූ සංචිතයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ගොඳුරු වීම නරක තත්ත්වයකි.ඒ නිසා හෙට තරගය පරික්ෂණාගාරයක් වෙන්නට ඇති ඉඩ විශාලය.හරියට සාන්ද්‍රණය ගැලපුණොත් ජයග්‍රහණය ය.නැත්නම් පරාජයට වඩා දැඩි විවේචන තේරීම් කමිටුවේ සියලු දෙනාටත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතත් දරන්නට සිඳුවනු නො’අනුමානය.කෙසේ වුවත් ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ ලොව හොඳම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට යන්න අමතක නොකළ යුතු සත්‍යයකි.
තවත් අතකින් ක්‍රීඩාව සහ ක්‍රීඩකයා ක්‍රීඩාව මට්ටමමෙන් පර්යේෂණයට භාජනය කරන ආකාරයටම තරගය අතරතුර ක්‍රීඩකයින්ට කොවිඩ් පරික්ෂාවටද මුහුණ දෙන්න සිඳුවනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan