ජපාන හිටපු අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි ?

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා රෝහල්ගත කර තිබෙනවා. ලබන ඉරිදා පැවැත්වෙන උත්තර මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී සිදු වූ අනතුරක් හේතුවෙන් අබේ මහතා තුවාල ලබා තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරක රැස්වීම අතරතුර ඔහු ඇදවැටීමෙන් තුවාල ලබා ඇතැයි මාධ්‍ය වාර්තා කරන අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි. හිටපු අගමැතිවරයා රෝහල්ගත කරන විට තුවාල වී රුධිරය ගලමින් තිබූ බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් 40 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ජපාන ඉතිහාසයේ වැඩිම කලක් අග්‍රමාත්‍ය තනතුර දැරූ පුද්ගලයා ලෙස සැලකෙන ෂින්සෝ අබේ මහතා 2020 වසරේදී තනතුරින් ඉල්ලා අස් වූයේ අග්‍රාමාත්‍ය ධුරය දැරීමට තරම් ප්‍රමාණවත් සෞඛ්‍ය තත්වයෙන් පසු නොවන බව පවසමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...