ලබන අඟහරුවාදා සිට දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඊට අදාල නීතිමය ක්‍රියාපටිපාටිය මේ වනවිට සකස් කරමින් සිටින බවත්, එම කටයුතු ඉරිදා වනවිට අවසන් වනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.
දැනට ක්‍රියාත්මක සාමාන්‍ය මගී බස් ගාස්තුවෙන් බාගයක් දක්වා දුම්රිය ගාස්තු සංශෝධනය වනු ඇති අතර අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යනු ඇත.
ඉන්ධන මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී යෝජනා කළ නමුත් ඒ සඳහා අනුමැතිය හිමි නොවීය.
මේ වනවිට බස් ගාස්තු ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති අතර ඒ නිසා දුම්රිය භාවිතා කරන මගීන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. දුම්රිය ගාස්තු ඉහල දැමීම හරහා ඔවුන් තවදුරටත් දුෂ්කරතාවයට පත්වනු ඇත.
UN