*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ගෑස් කොන්ත්‍රාත්තුව ලබාදීමේදී සිදු වූයේ කුමක්ද ? – ලිට්රෝ සභාපතිගෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් !

ලිට්රෝ ලංකා ගෑස් සමාගමට ගෑස් ආනයනය කිරීමේදී දැවැන්ත වංචාවක් සිදුව ඇති බවට පසුගිය කාලසීමාව පුරා දැඩිලෙස චෝදනා එල්ල විය. එවැනි වංචාවක් සිදුව නොමැති බවට ලිට්රෝ සමාගම දිගින් දිගටම කරුණු පැහැදිලි කළද මෙම ගැටලුව තවදුරටත් සමාජයේ කතාබහට ලක්වෙමින් තිබේ.

ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් දීර්ඝ පැහැදිලි කිරීමක් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා යළිත් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

අදාල සම්පූර්ණ නිවේදනය පහතින්…..

ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීම සම්බන්ධව මාධ්‍යයන්ගේ පලවන සාවද්‍ය ප්‍රකාශයන් සම්බන්ධව ලිට්රෝ ලංකා සමාගමේ කරුණු පැහැදිලි කිරීම

ලිට්රෝ ගෑස් සමාගම් අධ්‍යක්ෂක මණ්ඩලය රාජ්‍ය අනුබද්ධ ආයතනයක් ලෙස කැබිනට් තීරණ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවත් සමාගම විසින් කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇති බවට මෙන්ම ලිට්රෝ සමාගම මූල්‍ය අවභාවිතය ක නිරත වූ බවට පළවන මාධ්‍ය වාර්තා ලිට්රෝ ගෑස් ලංකා සමාගම තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි

2022 -2023 ලිට්රෝ ගෑස් ජාත්‍යන්තර ටෙන්ඩරයේ අඩු ලංසුකරු වන siam ගෑස් ආයතනයට ඩොලර් මිලියන 37M$ ක පොරොත්තු ණයකර ලිපිය(SBLC) ලබාදීමට රාජ්‍ය භාණ්ඩාගාරය , දේශීය හෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපොහොසත් වීම මෙන්ම siam ගෑස් සමාගම පොරොත්තු ණයකර ලිපිය(SBLC) නොමැතිව ගෑස් ලබාදීම ප්‍රතික්ෂේප කළ නිසා කැබිනට් මණ්ඩලයේ තීරණය මත එම ගෑස් සැපයුම් ටෙන්ඩරය නවතා දැමූ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි.

ලෝක බැංකු මූල්‍ය පහසුකම් යටතේ ගෑස් මෙට්‍රික් ටොන් 100000 සැපයුම සඳහා oman trading ආයතනය තෝරාගනු ලැබුවේ, කෙටි කාලීන මිල දී ගැනීම සඳහාමිල ගණන් කැඳවීමේ දී ,අඩුම මිල සදහන් කල siam ගෑස් සමාගමට වර්තමාන වෙළෙඳපොළ අධික ඉල්ලුම සඳහා අවශ්‍ය ගෑස් ප්‍රමාණයන් එකවර සැපයුම් කළ නොහැකි බව එම සමාගම දැනුම් දුන් නිසා බව සමාගම දන්වා සිටී

ගෑස් මෙට්‍රික් ටොන් 15000 කෙටිකාලීන ගණන් කැඳවීමේදී siam ගෑස් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක නැවු ගාස්තු සඳහා ඩොලර් 112 $ මිලක් ඉදිරිපත් කළ ද siam ගෑස් සමාගම ඉදිරිපත් කළ මිල ඇමරිකානු ඩොලර් 96 $ ක් ලෙස පළවන මාධ්‍ය වාර්තා සමාගම ප්‍රතික්ෂේප කරනු ලබයි

2022 ජුනි මාසය සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම කිසිදු ගෑස් ප්‍රමාණයක් ආනයනය කර නොමැති බවට සිදු කොට ඇති අසත්‍ය ප්‍රකාශය ලිට්රෝ ගෑස් ලංකා සමාගම මගින් ප්‍රතික්ෂේප කරනු ලබන අතර. සමාගම ජුනි මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 6976 ආනයනය කොට ඇති බවත් .ඒ සඳහා සමාගම නැවු ගාස්තු වශයෙන් ගෙවන ලද්දේ ගෑස් මෙට්ට්‍රික් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 105 $ ක් බවඅවධාරණය කරයි.

2022-2023 ලිට්රෝ සමාගම විසින් ගෑස් මිල දී ගැනීමේ ටෙන්ඩරය සඳහා ඇතුලත් කරන ලද පොරොත්තු ණයකර ලිපිය ( SBLC) ලබාදීමට ලිට්ට්‍රෝ සමාගමට නොහැකි වූ බවට වාර්තා කොට ඇති මාධ්‍ය ප්‍රකාශයන් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතික්ෂේප කරයි.

එහි නිර්වද්‍යතාවය වනුයේ තෝරාගනු ලබන ගෑස් සැපයුම්කරු අසඳහා ලිට්රෝ සමාගම විසින් මූල්‍ය වගකීමක් ලෙස ඩොලර් මිලියන 37 ක පොරොත්තු ණයකර ලිපි (SBLC) ලබාදීම ගිවිසුම් ප්‍රකාරව සිදු කළ යුත්තකි. 2022 ජනවාරි මෙම ගෑස් ටෙන්ඩරය ලන්සු කැඳවා අවසන් වන අවස්ථාවේදී ලිට්රෝ ගෑස් ලංකා සමාගමට එම පොරොත්තු ණයකර ලිපි සඳහා අවශ්‍ය මූල්‍ය ස්ථාවරභාවය තිබුණද 2022 ජුනි මාසය වන විට රටේ ආර්ථික තත්ත්වයන් හේතුකොට ගෙන ලිට්රෝ සමාගමට හෝ දේශිය හෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකට ඩොලර්මිලියන 37 ක පොරොත්තු ණයකර ලිපි නිකුත් කිරීමට තරම් මූල්‍යමය ශක්තිමත් නොවූ අතර කිසිදු මූල්‍ය ආයතනයක් ඒ සඳහා ඉදිරිපත් නොවීය. ලිට්‍රෝ ගෑස් සමාගම විකල්ප යෝජනා ඉදිරිපත් කළ ද Siam ගෑස් ආයතනය කිසිදු නම්‍යශීලී යෝජනාවකට අකමැති වූ අතර ඔවුන් කියා සිටියේ ඩොලර් මිලියන 37 කපොරොත්තු ණයකර ලිපිය (SBLC) ලබාදෙන තෙක් ගෑස් සැපයුම ලබා දිය නොහැකි බවයි.

එම අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම ගෙවීම් සිදු කළ හැකි අවම සහ පහසු මූල්‍ය තත්ත්වයන්ට අනුකූලව වර්තමානයේ මහජනතාවගේ සහ කර්මාන්තකරුවන්ගේ අධික ගෑස් හිගය සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගත හැකි විශ්වාසවන්ත සැපයුම් කරුවන් හරහා මෙම අර්බුදයට විසඳුම් සෙවීමේ අභියෝගට මුහුණ දුන් බවත් ,2022 ජූලි මාසය අවසන් වන විට ගෑස් පෝලිං අර්බුදය අවසන් කිරීමට අවශ්‍ය සියලූ විධිවිධාන ගෙන ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම අවධාරණය කරයි.

මුදිත පීරිස්
සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී
ලිට්රෝ ගෑස් ලංකා සමාගම
කොළඹ 02

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan