IOC සමාගම පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අත්හිටුවා තිබෙනවා. ඉරිදා දිනය දක්වා මෙම තීරණය ක්‍රියාත්මක බවයි එම සමාගමේ බළධාරීන් පවසන්නේ.

ඒ අනුව සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඉන්ධන නිකුත් කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ කර්මාන්ත ශාලා සඳහා පමණි.

සඳුදා දිනයේ සිට යළිත් සුපුරුදු පරිදි ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බවද එම සමාගම පවසයි.

UN