දිව්‍ය ලෝකයේ වෙඩි තැබීමක් හා මරණයක් ….

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ බටහිර නගරයේ නාරා හි මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී අද (08)දින වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. 67 වියේ පසු වූ අබේ මහතාගේ පපුවට සහ බෙල්ලට වෙඩි තබා පැය කිහිපයකට පසු ඔහු මිය ගිය බව Nippon Hōsō Kyōkai(NHK) විකාශන ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මෙම වෙඩි තැබීම ජපන් වේලාවෙන් අද උදෑසන 11:30 ට පමණ සිදුවූ අතර ඔහුව වහාම රෝහලට ගෙන ගිය නමුත් ඔහුගෙන් කිසිදු චලනයක් දක්නට නොවූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ. වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේම 41ක් හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 2012 දෙසැම්බර් සිට 2020 සැප්තැම්බර් දක්වා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු එරට දීර්ඝතම අගමැති ධුරය දැරූ පුද්ගලයා බවට පත් විය.

මෙම සිදුවීමත් හේතුවෙන් බොහෝ දෙනා කම්පාවට පත්ව තිබේ. ජපානය පිළිබඳ ඔබට මට ඇත්තේ වෙනම කියවීමකි. සැබැවින්ම ජපානය යනු මනුෂ්‍යත්වයේ පාරාදීසයකි. එකිනෙකාට ගරු කිරීම හා ආචාරශීලීවන්ත වීම පිළිබඳව ඔවුනට ඇත්තේ දිගු ඉතිහාසයකි. මේ වෙඩි වැදී ඇත්තේ ලෝකයක් ආදරය කරන සංස්කෘතියකටය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...