පොලිස් ඇඳිරි නීතිය, සිහිමූර්ඡා වූ ආණ්ඩුවේ තවත් බියගුළු ක්‍රියාවක් පමණයි ! – සජිත්

Date:

මේ රට පත්ව ඇති තත්වය පිළිබඳව අංශුමාත්‍රයක හැඟීමක් හෝ දැනීමක් නැතිව සිහිමූර්ඡා වී සිටින ආණ්ඩුව හිටි ගමන් බස්නාහිර පළාත තුළ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

මේ බියගුළු නින්දා සහගත ක්‍රියාව වර්තමානයේ රට මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව යම් පමණක හෝ දැනුමක් ඇති කිසිවෙකුට ගත හැකි තීරණයක් නොවේ.

මේ වන රටේ ජීවත්වන ජනතාවගෙන් වැඩි කොටසක් සිටින්නේ පෝලිම්වල ය.ඇතැමුන් දින දෙක තුන පෝලිම් වල සිටී.විශේෂයෙන්ම බස්නාහිර පලාත ආශ්‍රිතව ඒ තත්ත්වය අතිශයින් උග්‍ර ය.එලෙස පෝලිම් වල සිටින ජනතාව අතරමං කොට මේ බියගුළු ඇඳිරි නීතිය පනවා තිබේ.

තමන්ට එරෙහිව සුනාමියක් සේ නැග එන ජනතා විරෝධයට බියපත්ව ආණ්ඩුව උන්මත්තක ලීලාවෙන් හැසිරෙන අතර මේ හදිසි ඇඳිරිනීතිය එහි ආසන්නම ප්‍රතිඵලයයි.

තවත් මෙබඳු කඩාකප්පල්කාරී මර්ධනකාරී කටයුතු රැසක් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය තුළ ඇති බවට ද බවටද සැක නැත.

මෙබඳු ප්‍රජාතන්ත්‍රවාදී අරගල වලට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝග ඉල්ලීමට පොලිසිය මීට පෙර කටයුතු කළද අධිකරණය ජනතා අයිතිවාසිකම් පිළිගනිමින් සාමකාමී උද්ඝෝෂණයන්ට අවසර ලබා දී ඇති අතර මෙවැනි පොලිස් ඇදිරි නීති වලට මුවාවී ජනතා අරගල මැඩ පැවැත්වීමට කටයුතු කරන්නේ නම් එය පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් කරගනු ලබන බරපතළ වරදක් වනු ඇත.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කළ යුත්තේ මෙවැනි ඇඳිරි නීති පැනවීම් නොව ජනතාවගේ පැත්තේ හිට ගනිමින් ඔවුනට ආරක්ෂාව සලසා දීමය.

ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට මෙතරම් බිය වුණු ආණ්ඩුවක් ඉතිහාසයේ කිසි දිනක තිබී නැති අතර ආණ්ඩුවේ මෙවන් බියගුළු උත්සාහයන් තුලින් සිදු වන්නේ ජනතාවගේ උද්යෝගය තව තවත් වර්ධනය වීම බව බවද අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

එමෙන්ම, මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීමේ අරගලය ආණ්ඩුවේ මෙවැනි ප්‍රාථමික බියගුළු ක්‍රියාවලින් මැඩ පැවැත්විය නොහැකි බවද අපි අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...