මීගමුවෙන් වැලිකඩට මාරු කළ රැඳවියෙකු ඝාතනය කරලා – බන්ධනාගාර නිලධාරීන්ගේ පළිගැනීමක් බවට චෝදනා ?

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යැවූ රැඳවියන් පිරිසකට බන්ධනාගාර නිලධාරීන් විසින් දරුණු ලෙස පහරදී ඇති බවත් එහිදී එක් රැඳවියෙකු ඝාතනය කර ඇති බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

එම කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා ඊයේ රාත්‍රියේදී සමාජ මාධ්‍ය ඔස්සේ මේ බව සඳහන් කර ඇති අතර එම කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා මහතා ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් දිවයිනේ සෙසු බන්ධනාගාරවල සිටින බන්ධනාගාර නිලධාරීන් පළිගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

ඊයේ රාත්‍රී 11.00 ට පමණ එසේ ඝාතනය කරන ලද රැඳවියාගේ සිරුර බන්ධනාගාර රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී එය සියදිවි හානිකර ගැනීමක් වශයෙන් පෙන්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරමින් සිටින බවටත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...