හිටපු ජනපති රනිල්ගේ ලන්ඩන් සංචාරය පිළිබඳ නඩුව අද

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති සමන් ඒකනායක මහතාට එරෙහි නඩුව අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත ය.

2023 වසරේදී බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර ඊට ආධාර අනුබල දුන් බවට සමන් ඒකනායක මහතාට චෝදනා එල්ල කර ඇත.

මීටපෙර මෙම නඩුව පසුගිය අප්‍රේල් 29 වනදා කැඳවා තිබුණු අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට දැනුම් දී තිබුණේ මීළඟ නඩු දිනයට පෙර සැකකරුවන්ට අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කරන බවකි. එහෙත් අද දක්වාම එය සිදුකර තිබුණේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...