බංග්ලාදේශයේ නායයෑම්වලින් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බංග්ලාදේශයේ ගිනිකොනදිග ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති අධික මෝසම් වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑම්වලින් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය අය අතර රෝහින්ග්‍යා සරණාගතයින් අට දෙනෙකුද සිටින බව වාර්තා වේ.

කොක්ස් බසාර් සරණාගත කඳවුරු ප්‍රදේශයේ ස්ථාන හතරක කඳු බෑවුම් කඩා වැටීමෙන්, එහි නවාතැන් ගෙන සිටි පිරිස නිදා සිටියදී මඩ සහ සුන්බුන් යට සිරවී මෙම මරණ සිදුවී තිබේ.

2017 වසරේ මියන්මාරයේ හමුදා මර්දන මෙහෙයුම්වලින් පසු පලා ආ රෝහින්ග්‍යා සරණාගතයින් මිලියනයකට අධික පිරිසක් ලොව විශාලතම සරණාගත ජනාවාසය ලෙස සැලකෙන කොක්ස් බසාර් කඳවුරුවල ජීවත් වෙති. එහි බොහෝ නවාතැන් ඉදිකර ඇත්තේ උණ බම්බු සහ ප්ලාස්ටික් තහඩු යොදාගෙන, වනාන්තර විනාශ වූ කඳු බෑවුම්වල බැවින් සෑම වසරකම මෝසම් සමයේ නායයෑම් සහ ගංවතුර අවදානමට මුහුණදීමට සිදුවේ.

පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, නායයෑම්වලට ගොදුරු විය හැකි බෑවුම් ප්‍රදේශවලින් සරණාගතයින් 1,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර, තවත් දහස් ගණනක් වෙනත් ස්ථානවලට යොමු කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව බලධාරීහු පවසති.

මේ අතර, ඉදිරි දින කිහිපය තුළද ප්‍රදේශයට තද වැසි ඇදහැලෙනු ඇති බව බංග්ලාදේශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...