බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට!

කොළඹ LNW:මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහැරකින් රැගෙන විත් තිබේ.

එම නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

පසුගිය 6 වනදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අදාළ ගැටුම පළමු වරට පසුගිය 05 වැනිදා දහවල් කාලයේ හට ගෙන තිබුණු අතර එය රාත්‍රිය වන විට සමථයකට පත්ව තිබුණද 06 වැනිදා උදෑසන යළි ගැටුම හටගෙන තිබුණි.

රැඳවියන් අතර එම ගැටුම ඇතිව තිබුණු අතර ගැටුම වැළැක්වීමට මැදිහත්වූ නිලධාරීන්ට එහිදී පහර එල්ල වී තිබුණු අතර පහර කෑමට ලක්වූ නිලධාරීන් 07 දෙනෙකු ජීවිතයෙන් සමුගෙන තිබේ.

විශාල ගල් සහ පොලු වලින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

රැඳවියන් අතර ඇති වූ එම ගැටුමෙන් රැඳවියන් 20 දෙනෙකුද මිය ගොස් තිබෙන අතර තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...