සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අද (08) දිනය වන විට රේගු බහාලුම් පරීක්ෂණ අංගනය තුළ පවතින තදබදය අවසන් වනු ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය සති අන්තයේ පැවති දින 5 ක දීර්ඝ නිවාඩුව හේතුවෙන් රේගු බහාලුම් පරීක්ෂණ අංගන තුළ යම් තදබදයක් හටගෙන තිබුණි .
එයට විසදුම් ලෙස, ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ කමිටුව රැස් වී බහාලුම් පරීක්ෂා කිරීම කඩිනම් කිරීමට අවශ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??