උපරිම ධාරිතාවයෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන සිදුවෙනවා – සභාපති දීප්ති කුලරත්න

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම උපරිම ධාරිතාවයෙන් යුතුව සිය නිෂ්පාදන කටයුතු සිදු කරන බව එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පසුගිය කාලවකවානුව තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් මූලික අමුද්‍රව්‍ය වන බඩඉරිඟු සපයාගැනීම සම්බන්ධයෙන් ගැටළු පැවතිය ද අදාළ නිෂ්පාදන කටයුතු සිදු කළ අතර මේ වන විට ලෝක ආහාර සංවිධානය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සිදු කරන බවයි.

තවදුරටත් දීප්ති කුලරත්න මහතා පැවසුවේ,  ඉදිරි මාස කිහිපය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි අඛණ්ඩව සැපයීම ලෝක ආහාර සංවිධානය විසින් තහවුරු කර ඇති අතර එම අමුද්‍රව්‍ය ත්‍රිපෝෂ සමාගම වෙත ලැබෙමින් පවතින බවත් , දැනට ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට මෙන්ම වයස අවුරුදු 3ට වැඩි දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදීම සිදුකරන බවයි.

තවද,ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ , මාස 6 සිට අවුරුදු 3 දක්වා වූ වයසේ පසුවන දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂවලට අදාළ නිර්ණායකවල පවතින පරස්පරතාවක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා වට කිහිපයක් පැවතිය ද ඊට නිසි පිළිතුරක් ලැබී නොමැති බවයි.

ඒ අනුව පවතින ගැටළු සම්බන්ධයෙන් විසදුමක් ලබාදෙන්නේ නම් මාස 6 සිට අවුරුදු 3ක් දක්වා වූ වයසේ පසුවන දරුවන්ට ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව පවතින බවත් , ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම උපරිම ධාරිතාවයෙන් යුතුව සිය නිෂ්පාදන කටයුතු සිදු කරන බව එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසනවා.

පසුගිය කාලවකවානුව තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් මූලික අමුද්‍රව්‍ය වන බඩඉරිඟු සපයාගැනීම සම්බන්ධයෙන් ගැටළු පැවතිය ද අදාළ නිෂ්පාදන කටයුතු සිදු කළ අතර මේ වන විට ලෝක ආහාර සංවිධානය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සිදු කරන බවයි සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම ඉදිරි මාස කිහිපය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි අඛණ්ඩව සැපයීම ලෝක ආහාර සංවිධානය විසින් තහවුරු කර ඇති අතර එම අමුද්‍රව්‍ය ත්‍රිපෝෂ සමාගම වෙත ලැබෙමින් පවතින බව සඳහන්.

දැනට ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට මෙන්ම වයස අවුරුදු 3ට වැඩි දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදීම සිදුකරන බවත් , මාස 6 සිට අවුරුදු 3 දක්වා වූ වයසේ පසුවන දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂවලට අදාළ නිර්ණායකවල පවතින පරස්පරතාවක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා වට කිහිපයක් පැවතිය ද ඊට නිසි පිළිතුරක් ලැබී නොමැති බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළා.

එම සමාගමේ සභාපතිවරයා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පවතින ගැටළු සම්බන්ධයෙන් විසදුමක් ලබාදෙන්නේ නම් මාස 6 සිට අවුරුදු 3ක් දක්වා වූ වයසේ පසුවන දරුවන්ට ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව පවතින බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...