චූටිම චූටි පුතා තේරවිලි තරගයක් තියන්න කතා කළා.
කටු රෙද්දක් පොරවාගෙන බඩේ පැටව් පුරවා ගෙන
මං පළවෙනි තේරවිල්ල ඉදිරිපත් කරාම මෙන්න මේකා කියනවා තේරවිල්ල වැරදියි කියලා.මං ඉතිං දස අතේ දිව්රුවා ඒක තමයි තේරවිල්ල කියලා.
ඊට පස්සෙ මෙන්න කොල්ලා අහනවා “හරි මොකක් ගැන ද කියන්නෙ කියලා තව උදව්වක් කරන්න” කියලා.
මං ඉතිං කිව්වා කඩා ගන්න පුළුවන් දෙයක් කියලා.
කඩන්න පුළුවන් දෙයක් කියලද ඔය කියන්නෙ.
කොල්ල ඉතිං ඒ පාර අහනවා
මං ‘ඔව්’ කිව්වා.
කට්ටියක් එකතු වෙලා කඩනවා නේද?
මුගෙන් ආයෙමත් ප්‍රශ්නයක්.
සමහර විට කියලා මං කියන කොට තාත්තා කියන්නෙ ‘හොඳ හයිය තියෙන එකෙක්ට නම් තනියෙන් කඩන්න පුළුවන් කියලා නේද’ කියලා මෙන්න මූ දිගටම මැඳින් පනින වැඩේ කරනවා.
කල්පනා කරාම ඒකත් වැරදි නැහැනෙ.මං ඉතිං ඔව් කියලා වචනෙන්,ඔළුවත් වැනුව.
‘එහෙනම් තාත්තා කියන එක වැරදි’
මං ආයෙ උඩ බිම බැලුවා.සමහර විට ගුරුවරයෙක්ට වැරදිලා වෙන විදිහකටවත් කියා දීලද දන්නෙ නැහැ.
‘කවුද පුතේ ටීචර් ද කිව්වෙ.?’
මං දැනගන්න යාප්පුවෙන් ඇහැව්වා.
‘නැහැ අර මේ පාරට හැරෙන තැන ගෙදර ඉන්නෙ,තාත්තා ඇම්ඩ කියන්නෙ.අපිට වඩා ටිකක් ලොකු අයියා’ කියලා කට ඇඳ කර කර වචන කතා කරන පොඩ්ඩා කියලා දැම්මා.
ඒකත් එකටම ඕකා මොනව හරි නැහැදිච්ච කතාවක් කියලා ඇති කියලා මං හිතුවා.
මං නිශ්ශබ්දව හිටියා.ඒත් කොල්ලා අත ඇරියෙ නැහැ.මා අහන්නෙ නැතුව ඉදලත් ඌ කියවන්න පටන් ගත්තා.
“කහ රෙද්දක් පොරවාගෙන
ඇඳේ පැටව් පුරවා ගෙන”
මට ඒ ටික විතරනෙ තාත්තෙ මතක
මුල වචන ටික කියලා කොල්ල ඉතුරු වචන ටික කල්පනා කරනවා.
‘හැබැයි සිද්ධිය මතකයි.ඒ අයියා මට වීඩියෝ එක පෙන්නුවනෙ.’
කොල්ලට මොකුත් කියන්න විදිහක් නැහැ ඌ කතා කරනවා.
‘කහරෙද්ද පොරවගෙන ඇඳෙ පැටව් පුරවාගෙන ඉද්දි ගමේ අයියලා ටිකක් පැනලා ගහනවා නේද එක දිගට…’
එහෙම අහලා ටිකක් නිශ්ශබද වෙලා ඉදලා ‘තාත්තා බැරුවෙ නැද්ද’ ඇහැව්වා.
මම උඩ බිම නැතුව බෝමිරියේ හාමුදුරුවන්ගේ පිහිටයි කියලා අට වරක් මැතිරුවා.
‘තාත්තෙ එහෙම කහ රෙදි පොරව ගත්ත අයට ඇඳේ ලස්සන පැටව් තියාගන්න බැරිද?’
මොන මැතිරිලිද.මන්තර බලා බිදිලා වගෙ.මං දහ අතේ කල්පනා කළා.
‘ඇම්ඩා අයියා කියන හැටියටනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනම් එහෙම නැහැ.’
මට ඇම්ඩා එක්ක කන්න කේන්ති.ඊටත් වැඩිය බයයි මූව දේශපාලනේ කරන්න ඇඳගෙන යයි ද කියලත් හිතෙනවා.මෝඩ වැඩ කරන කතා කරන තැනක් නොතැනක් නැති,දුම් ගහන්න වසරකට ලක්ෂෙක දෙකක පොත් අරගෙන පුත්තලම් සත්තුත් ඉන්න එකේ දේශපාලනයනම් බය හිතෙන වැඩක්.ඒවට සෙට් වුණොත් මූ ඉගෙන ගන්න එකත් නැති කරගෙන රට මෝඩ වැඩ කරලා දේශපාලනයටම ඇඳෙයි.
‘හැබැයි කහරෙදිකාරයා පැටව්න්ගෙ ඇදුම් ගැලෙව්වෙනම් කැමත්තෙන් වගෙ.ඒත් අර ගහපු අයියලා රෙදි ගැලෙව්වෙ අකමැත්තෙන්නෙ.හරිනම් පොලිසියට අරගෙන යන්න ඕනි අර ගහපු අයියලනෙ තාත්තෙ.’
කොල්ල කිව්වම ඉතිං මං හෙමිහිට ඉතිං අවඥාවට වගෙත් පේන්න “අයියලගෙ බෞද්ධකමනෙ මගෙ පුතේ” කිව්වා.
ඒකෙ මොන බෞද්ධකමක් ද තාත්තෙ.ඇම්ඩ අයියනම් කිව්වෙ,පොලිසි ගිහිං බැරිනම් කෙළින්ම උසාවි හරි ගිහිං නඩුවක් දාන්න ඕනි කියලා.අනික තාත්තෙ ඇම්ඩා අයියා කිව්ව විදිහට කහරෙදි උන්නාන්සෙලා මිනිස්සු පවුල් කන තැන්වලට දොර හිලෙන් එබිලා කරන හැටි අඩු පාඩුත්,ඒවා කරන්න ඕනි න්‍යාය පත්‍රයි ඔක්කොම කියා දුන්න කාලෙනෙ මේ.දැන් ඉතිං උන්නහැලට පවුල් කන්න ඉඩ නැහැ.
ඇම්ඩ අයියා උදාහරණෙකට කිව්වෙ දැන් අම්මයි තාත්තයි බැන්දයි කියලා නැහැල්ලු.ඔයාට වුණත් අම්ම අකමැතිනම් ගලවන්න බැහැ.ඒකට පොලිසියෙ ගියොත් ඔයාට හිරේ යන්න වෙන්නෙ.
කොල්ල ඇම්ඩ මට කට උත්තර නැති වෙන විද්‍යාවක් උගන්නලා වගෙ.ඕක තියරි නැතුව ප්‍රැක්ටිකල් ටිකත් මූ එක්ක පටං ගනියි ද කියලයි මට බය.
මං ඉතිං මොකටද බලෙන් හරි කැමැත්තෙන් හරි අම්මගෙ රෙදි ගලවන්න යන්නෙ.
මං ටිකක් සීරියස් පොඩි සැරකුත් කලවම් කරලා ඇහැව්වෙ.ඒත් මං කතා කරන්න ගත්ත ඔක්කොම ටික කියන්න බැරි වුණේ කොල්ලා මඟදි කතා කරන්න ගත්ත හින්දයි.
ඒ කියන්නෙ තාත්තෙ ඔයා කියන්න හදන්නෙ මං කුරුල්ලෙක් ගෙනත් දැම්මා කියලද? එහෙමත් නැත්නම් රොස් කැලෙන් ඇහින්ද කියලද?
මං නිරුත්තරව බලා හිටියෙ අර ඇම්ඩා පරාද වෙන මට්ටමට මූ එයි ද කියලයි.
ද ක්ලීනර්