*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

යුද්ධයකින් කිසිදා වීරයන් බිහි නොවේ ; යුක්රේන යුද්ධයට දින 500ක් ගතවන තැන

පුටින් පිස්සෙක් නම් සෙලෙන්ස්කි පිස්සන් කොටුවක්

2022 පෙබරවාරි 24 වන දින යුක්රේනයට එරෙහිව රුසියාව විසින් යුද්ධයක් ප්‍රකාශයට පත් කර ගතවූ දින 500ක කාලය තුළ ළමුන් 500 ක් ඇතුළු සිවිල් වැසියන් 9,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

යුක්රේනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ දූත මණ්ඩලය (HRMMU)ප්‍රකාශයක් නිකුත්කරමින් මෙම මරණ සංඛ්‍යාව තහවුරු කර ඇති අතර කෙසේ නමුත් නිල වශයෙන් තහවුරු කරන ලද මරණ සංඛ්‍යාවට වඩා සැබෑ සංඛ්‍යාව බෙහෙවින් වැඩි විය හැකි බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

රුසියාව විසින් එල්ලකරන ලද කාලතුවක්කු හා මිසයිල යුක්රේනයේ සිවිල් ජනතාවට බරපතල හානි සිදුව ඇති අතර ඔවුන්ගේ ජල මූලාශ්‍ර විදුලිය යටිතල පහසුකම් මෙන්ම යැපුම් මාර්ගයන්ටද බරපතල ලෙස හානි සිදුව ඇත. එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියට අනුව රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යුධ ගැටුම් හා උද්ධමනය ඉහළයාම හේතුවෙන් නැගෙනහිර යුරෝපය සහ මධ්‍යම ආසියාව පුරා ළමුන් මිලියන හතරක් පීඩාවට හා දරිද්‍රතාවයට පත්ව ඇති බව අනාවරණය කරනු ලැබූ අතර එය 2021ට සාපේක්ෂව 19%ක වැඩිවීමකි. යුක්රේන යුද්ධය හේතුවෙන් ධාන්‍ය ටොන් මිලියන 20ක් පමණ මේ වන විට යුක්රේනයේ සිරවී ඇති අතර එය ගෝලීය ආහාර මිල අහස උසට යැවූ අතර අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාවේ සමහර ප්‍රදේශවල සාගින්න ඇති කිරීමට සමත් විය.

දෙවැනි ලෝක යුද්ධයට පසුව යුරෝපයේ ඇතිවූ විශාලතම සරණාගත අර්බුදය ඇති කළ මෙම ආක්‍රමණය නිසා යුක්‍රේන ජාතිකයින් ලක්ෂ 43 කට රට හැරදා යාමට සිදු වූ අතර, ජනගහනයෙන් හතරෙන් එකක් පමණ අවතැන්ව ඇත.
නිව් ජර්සිහි  Rutgers විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාඥයන් විසින් යුක්රේනයේ යුද්ධයේ සන්දර්භය සම්බන්ධයෙන් කරන ලද සමාලෝචන අධ්‍යයනයකින් තහවුරු වූයේ කුමන හේතුවක් මත හෝ එක්සත් ජනපදය හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් බිලියන පහකට අධික ජනතාවක් කුසගින්නෙන් මිය යනු ඇති බවයි.

යුද්ධය කිසිදු තැනක සර්ව සාධාරණ හෝ මානුෂික නොවන අතර බුචා සහ මරියුපෝල් යුද්ධයේ සාහසිකත්වයට හොඳම සනිදර්ශන සපයන ස්ථාන වේ. එහි වාර්තා වූ සමූල ඝාතන පිළිබඳ වාර්තා, යුධ අපරාධ මෙන්ම ජන සංහාර පිළිබඳ වාර්තා බාහිර ලෝකය කම්පනය කිරීමට සමත් විය.

කෙසේ නමුත් මේ වන විට යුක්රේන යුද්ධය හුදෙක් රුසියාව හා යුක්රේනය අතර පමණක් නොව ලෝකයේම සාමාජිකත්වය අඩු වැඩි වශයෙන් සිදුව ඇති යුද්ධයක් බවට පත්ව ඇත. නේටෝ රටවල් රුසියාව හුදකලා කිරීම චීනය ඉන්දියාව ආදී මහා බලවතුන් ස්වාධීන මගක් අනුගමනය කරමින් රුසියාවට සහය දැක්වීම ඉදිරි දශකයන ඉතිහාසය සකස් කරනු ඇත.

පුටින් මෙන්ම සෙලෙන්ස්කිද සිය ජනතාව ඇපයට තබා ගනිමින් සිය බලට රැක ගැනීමට මෙන්ම ලොක පූජිත වීමට උත්සහ දරමින් සිටියි. කිසිවෙකු ආපස්සට හැරෙන්නට නොසිතන අතර වීරයන් බිහි නොකරන යුද්ධයක වීරයන් වීමට සිහින දකියි. අවසාන වශයෙන් කීමට ඇත්තේ පුටින් පිස්සෙක් නම් සෙලෙන්ස්කි පිස්සන් කොටුවක් බවයි.

සශිකලා මධුෂාණී_ (Outbound today )

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan