*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

ජනාධිපතිත්, මහ බැංකු අධිපතිත් තම පොරොන්දු ඉටු කළේ නැද්ද?

  • තුති හිමිවිය යුත්තාට තුති ලබා දිය යුතුයි.
  • පොලී අනුපාත පහත බැස ඇත, විදේශ විනිමය ස්ථාවර වී ඇත, ඇතැම් ආනයන අනුමත කර ඇත, උද්ධමනය පහත වැටෙමින් පවතියි, සංචාරක කර්මාන්තය හොඳ කාර්යසාධනයක් පෙන්වයි, සෘජු විදේශ ආයෝජන ඉහළ යමින් පවතියි, කොටස් වෙළඳපොල ඉහළ ගොස් ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පොරොන්දුව ඉටු කළේය, ඔහු ශේක්ස්පියර් ඛේදවාචකයක් බවට පත්වන්නට ගිය රාජ්‍යයක් ඇදහිය නොහැකි සාර්ථකත්වයක් කරා ගෙන ගියේ ය. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිධුරය භාරගැනීමට අයිතියක් නොමැති බව පවසන්නෝ, ඔහු එළඹෙන මැතිවරණවලදී බහුතරය ලබා ගනු ඇතැයි බිය වෙති. විශාල දූත පිරිසක් වෙනුවට ඔහු කිහිප දෙනෙකු සමඟ ලොව සංචාරය කළේය. තමා රුචි ආයුධය ලෙස ඔහු තෝරාගත්තේ ඔහු සතු අතිමහත් දැනුම, අත්දැකීම් සහ බුද්ධියයි. අන් කිසිවකුට වඩා ඔහු අපගේ ජාතිය නියෝජනය කර ඇති අතර, ඔහුට දෙවන ධුර කාලයක් ලබා දීමෙන්, අන් සියලු දෙනා අභිබවා කාර්යභාරයක් ඉටු කිරීමට ඔහුට හැකියාව තිබෙනවා සේම, එසේ කරනවා ද ඒකාන්ත ය.

ජනාධිපතිවරයා තම ධුරය භාරගන්නා විට, රටම අවුල් සහගත තත්ත්වයක පැවතියේය, තාර්කිකත්වය සහ යතාර්ථය දවස කරවූයේ නැත. විදුලිය තිබුණේ නැත, ගෑස් තිබුණේ නැත. වත්මන් ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තබා රට තුළ මහා විනාශයක් ඇති කිරීමට අරගලකරුවන් කටයුතු කරද්දී රටවැසියෝ කම්පනයට පත්වූහ. රට තුළ ඉතිරිව තිබූ පෙට්‍රල් ස්වල්පයක්, ඩීසල් බිඳක් ලබා ගැනීමට පැය ගණන් පෝලිම් ගැසී සිටීමට ජනතාවට සිදුවිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව මෙන්ම නවතම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන යන දෙකම අති සාර්ථක වී ඇත. අපේ ජාතියේ වැඩිපුරම සිටින සාර්ථකත්වයට අර අදින්නෝ (ඔවුන් වැඩිපුරම පෙල ගැසෙන්නේ කුමන දේශපාලන පක්ෂයට ද යන්න මත පදනම්ව) එතරම් සතුටු බවක් පෙනෙන්නට නැත. රටේ සාර්ථකත්වය (ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් කරා උපකාරී නොවන) ඔවුන්ගේ බල තණ්හාවෙන් පිරි අභිලාෂයන් සහ ප්‍රති-ඵලදායී සැලසුම් සඳහා බාධාවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව යථාර්ථයක් නොවනු ඇති බවටත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අසාර්ථක වනු ඇති බවටත් ඔවුන්ගේ බලාපොරොත්තුව විය. සේවක අර්ථසාධක අරමුදලේ / සේවක භාර අරමුදලේ මුදල් අහිමි වීම සහ බැංකු තැන්පතු අවදානමට ලක්වීම පිළිබඳ ඔවුන් ගෙනෙන කටවාචාල කතා සියල්ල පුස්සක් වී හමාරය. අහෝ, එය සාර්ථක වී හමාරය! දැන් මෙම සාර්ථකත්වයට අර අදින්නෝ (ඔවුන් පසුවන කලකිරීමෙන්) ‘කුමන්ත්‍රණ න්‍යාවාදීන්’ බවට පත්වෙමින් (අප රටේ ජනතාවගේ ඩීඑන්ඒ වල තිබෙන එම ලක්ෂණය විදහා පාමින්) සිය දෙවන වෑයමට වෙර දරමින් සිටිති. ඉදිරියේ දී මෙම වෑයම් ද ව්‍යර්ත වන බව ඔවුහු දනිති.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, නාඩි නොමැතිව දැඩි සත්කාර ඒකකයේ පසුවන රෝගියකුට සමාන විය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා, කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කළ අතර, ශල්‍යකර්මයක් සිදුකරන්නාක් මෙන් කඩාවැටුණු ආර්ථිකයක් යළි පණගැන්වූහ. ඔවුන්ගේ ඖෂධය වූයේ ආර්ථික සහ මූල්‍ය උපායමාර්ගයයි, එය සාර්ථක විය. රෝගියා දැන් සුවය ලබමින් සිටින අතර, ඔහුගේ සියලු විතේන්ද්‍රිය හොඳින් ක්‍රියාකරමින් පවතියි. උද්ධමනය පහළ ගොස් ඇත, පොලී අනුපාත දිනපතා පහත වැටෙමින් පවතියි, විනිමය අනුපාත අවම මැදිහත්වීමකින් යුතුව ස්ථාවර වෙමින් පවතියි, ඇතැම් ආනයනවලට අවසර ලබා දී ඇත, සංචාරක කර්මාන්තය කැපී පෙනෙන ලෙස යළි පණගැන්වෙමින් පවතියි, සෘජු විදේශ ආයෝජන ගලා ඒමට පටන් ගෙන ඇත, කොටස් වෙළඳපොල අද පවතින ධනාත්මක තත්ත්වය පිළිබිඹු කරයි. මෙකී සියලු සුබවාදී කරුණු යටි අරමුණු මත සෘණාත්මක ආකල්පවල පසුවන්නන්ට රිදවන බව සැබෑය. කෙසේවෙතත්, මෙම පුද්ගලයන්ගේ න්‍යාය පත්‍ර සහ ඔවුන්ගේ ‘කුමන හෝ අන්දමකින් බලය ලබා ගැනීමේ’ දූෂිත උපායමාර්ගය හඳුනා ගැනීමට පුරවැසියන් වශයෙන් අපට කාලය එළඹ ඇත.  

වත්මන් මහ බැංකු අධිපතිවරයා යනු, මුල් අවස්ථාවේම ඔහුට හිමිවිය යුතු ස්ථානය ලබා නොදී අඩු වැඩි වශයෙන් විශ්‍රාම යෑමට සැලැස්වූ අයෙකි. කෙසේවෙතත්, දෛවයේ ලියවී තිබෙන්නාක් මෙන්, වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට ඉකුත් වසරේ එම ධුරය හිමි විය. ඔහු මහ බැංකු අධිපතිධුරය භාර ගනු ලැබුවේ රටේ පැවති තීරණාත්මක අවස්ථාවකදී ය.

තමා විශ්‍රාම යාමට ප්‍රථම, ආචාර්ය වීරසිංහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස මතුවීමට නියමිත විපතේ බලගතුභාවය පිළිබඳ අනතුරු අඟවා තිබිණි. කෙසේවෙතත්, එවකට සර්ව බලධාරී දෙවියන් මෙන් පාලනාධිකාරියේ ලේකම්ධුරය හෙබවූ (සෑම දෙනෙකුම හඳුනන) තැනැත්තා සිය සුපුරුදු උද්ධච්චකමින් මෙම අනතුරු ඇඟවීම් නොසලකා හැරි අතර, එමඟින් මුළුමහත් ජාතියටම එහි ප්‍රතිවිපාකවල වන්දි ගෙවීමට සිදුවිය.  

එම නිසා, තුති ලැබිය යුත්තාට තුති ලබා දීමටත්, විවේචනය කළ යුතු අවස්ථාවේදී පමණක් විවේචනය කිරීමටත් අප කටයුතු කළ යුතුය; ජාතියට පෙර අපගේ න්‍යාය පත්‍රවලට මුල් තැන නොදී මෙම රටට ඔරොත්තු දෙන ආර්ථිකය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට අප විසින් කටයුතු කළ යුතුව ඇත.

කෙසේවෙතත්, බොහෝ දේ තවමත් විසඳීමට ඉතිරිව ඇති බව සිහියේ තබා ගැනීම නුවණට හුරුය. උදාහරණයක් ලෙස, අඩු පොලී අනුපාත වලින් ආරම්භ කොට – ආර්ථිකය නැවත ගොඩ ගැනීමට සහ අත්‍යාවශ්‍යව පවතින විදේශ විනිමය යළි ගෙන ඒමට පවතින උත්ප්‍රේරකය වන්නේ සංචාරක කර්මාන්තය නම්, අවම වශයෙන් එය වෙනුවෙන් වත් පොලී අනුපාත පිළිබඳ සැලකිල්ලට ගත යුතුව ඇත. අමුද්‍රව්‍ය ආනයනය කිරීම ද අප නිදහස් කළ යුතුව ඇත.

ඒ අනුව, නිසැකවම ආර්ථිකය නිවැරදි දිශාවේ ගමන් කරමින් පවතියි.

*මෙම ලිපිය, අප වෙබ් අඩවියේ The President and the Governor have both delivered on their promises නමින් පළවූ ලිපියේ සිංහල අනුවාදයයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan