ඇතැම් වීඩීයෝ සමාජ මාධ්‍ය වෙත මුදාහරින පුද්ගලයින්ට දඬුවම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් සිදුවන ඇතැම් කාරණා වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි .නවගමවු පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“කාන්තාවන්ට පහරදී ඔවුන්ට ලිංගික හිරිහැර සිදුකිරීම වීඩියෝ කරලා ඒවා සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබෙනවා. ඒ යොමු කළ පුද්ගලයා බරපතළ වරදක් කරලා තියෙනවා. දඬුවම් ලබාදිය හැකි වරදක් ඔහු සිදුකරන්නේ. ඒ නිසා ඒ සම්බන්ධවත් විමර්ශන පවත්වනවා.”

“දණ්ඩනීති සංග්‍රහයේ 365 ඈ 1 කියන වගන්තිය මතයි මේ සම්බන්ධව නීතිය සඳහන් කරලා තිබෙන්නේ. යම්කිසි පුද්ගලයෙක් මේ ආකාරයේ ප්‍රචාරයක් සිදු කළොත් වසර 2 දක්වා බරපතළ වැඩ ඇතිව හෝ නැතිව දඩුවම් ලබාදීමේ හැකියාවක් තිබෙනවා. දඩයක් නියම කිරීමේ හැකියාවත් තිබෙනවා. නමුත් නඩු විභාගයකින් ඔප්පු වෙන්න ඕනේ.”
“කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් තිබෙන කාරණා ප්‍රචාරය කිරීම විශේෂයෙන් නීතියෙන් තහනම් කරලා තිබෙන දේවල්.”

“සමාජ මාධ්‍ය ජාල හරහා මේවා යම් පුද්ගලයෙක් සමාජගත කිරීමේදී අනිවාර්යයෙන්ම ඔහු කරන්නේ බරපතළ වරදක්.”

“මේ නවගමුව සිද්ධියේදීත් අපි ඒ පුද්ගලයාව හඳුනාගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...