දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජැනට් යෙලන් චීනයෙන් ඉල්ලයි

0
274

ඇය සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වා තිබුණේ එක්සත් ජනපද-චීන ​​සබඳතා නිවැරදි කිරීමට උදව් කළ හැකි හොඳ පොලිස් නිලධාරියෙකු ලෙසයි.

එක්සත් ජනපදය හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන් වර්ධනය කර ගැනීමේ උත්සහයක් ලෙස එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මේ දිනවල චීනයේ සංචාරයක නිරත වේ.

මෙහිදී ඇයට උණුසුම් පිළිගැනීමක් ලැබී ඇති අතර, ඇය අද(08)දිනයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ රටවල් දෙක ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන බැවින් එක්සත් ජනපදය ප්‍රමුඛ හරිත දේශගුණික අරමුදලට සහාය වෙමින් දේශගුණික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්වය දීමට රටවල් දෙක ඉදිරියට ආ යුතු බවයි.

පසුගිය වසරේ ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටික් මන්ත්‍රී නැන්සි පෙලෝසි තායිවාන සංචාරයෙන් පසු චීනය විසින් එක්සත් ජනපදය සමඟ දේශගුණික සාකච්ඡා සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලදී. නමුත් එම සබඳතාවයන් නැවත ඇතිකර ගැනීමේ ප්‍රයත්නයක් ලෙස ජැනට් යෙලන්ගේ සංචාරය සිදුවේ.

ඇය සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වා තිබුණේ එක්සත් ජනපද-චීන ​​සබඳතා නිවැරදි කිරීමට උදව් කළ හැකි හොඳ පොලිස් නිලධාරියෙකු ලෙසයි.

සශිකලා මධුෂාණී_ (outbound today )