අතුරුගිරිය අපරාධය කෙටි කලකින් විසඳනවා.අපරාධකරුවොත් අල්ලනවා – පොලිස්පතිගේ සහතිකය!

Date:

කොළඹ LNW:ඊයේ (08) දින අතුරුගිරියේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුව තිබෙන විමර්ශන අනුව එම අපරාධය කළ අය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙන අතර එවැනි අපරාධයකට පෙළඹුනේ කාගේ අවශ්‍යතාවකට ද හේතුව කුමක්ද යන්න පිළිබඳ විමර්ශනවල අවධානය යොමුව තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේය.

පොලිස්පතිවරයා මේ බව පැවසුවේ අද (09) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී පැවති සාකච්ජාවකින් අනතුරුව පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් ඒ සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දෙමිනි.

කෙටි කාලයක් තුළ එම අපරාධය විසඳා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇති බවයි පොලිස්පතිවරයා පැවසුවේ.

යුක්තිය මෙහෙයුම ලෙස දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන්නේ එවැනි සිදුවීම් නිසා බවද ඔහු සඳහන් කරන ලදී.

එක දවසට හත් අට පොළක වෙඩි තැබීම් නැත්නම් මාසයට දහ දොළොස් දෙනකු ඝාතනය කළ තත්ත්වයක් පැවති බවත්මෙලෙස ස්වයංක්‍රිය අවි භාවිතා කර අපරාධයක් සිදුවුණේ මාස දෙකහමාරකට වගේ පසුව බවත් නීති විරෝධී ගිනි අවි තවදුරටත් සමාජය තුළ සංසරණය වන බවත් පොලිස්පතිවරයා පැවසුවේය.

ඒ නිසා යුක්තිය මෙහෙයුමේදීත් නීති විරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට අවධානය යොමුකර තිබෙන අතර පසුගිය මාස හය තුළ අත්අඩංගුවට ගැනුණු ගිනි අවි මාධ්‍යයට ප්‍රදර්ශනය කර දැනුවත් කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද තෙන්නකෝන් මහතා කියා සිටියේය.

උක්ත අතුරුගිය වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙකු ඝාතනය වූ අතර තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්

කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා...

ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල 2026. ජනාධිපතිතුමාගේ විනාඩියක වියදම රුපියල් 21,000යි – දයාසිරි

ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි...

21 වැඩේ පරණද ?

මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...