සටහන – රුවන් නෙළුගොල්ල
මහා පරිමාණ ටෙන්ඩර්වලට ඉදිරිපත් විය හැක්කේ ලංකාවේ විශාලතම ව්‍යාපාරිකයින්ට බැවින් අහවල් ටෙන්ඩරය අහවලාට දුන්නා යැයි චෝදනා කිරීම තේරුමක් නොමැති ක්‍රියාවක් බවත් එසේ චෝදනා කළ යුගය දැන් අවසන් කළ යුතුව ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ප්‍රශ්නය – අද සමාජ මාධ්‍යවල වැඩියෙන්ම කතාබහ වෙන්නෙ 72000 ප්ලග් බේස් එක ගැන. රටේ විදුලි ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ ව්‍යාපාරිකයින් ඉන්නකොට ඇයි මේ ඇයි මේ එක්තරා ප්‍රබල ව්‍යාපාරිකයකුට ඕපන් ටෙන්ඩර් එක දුන්නෙ මොකද කියන එක අද සමාජ මාධ්‍යවල කතිකාවතක්. ඒ වගේම ඔබතුමා මීට සති දෙකකට කලින් මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා සී.ටී. ස්කෑන් යන්ත්‍ර වගයක් ලංකාවට ගෙන්වන්න, ඒ ටෙන්ඩරයත් ලබාදුන්නෙ ලංකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයෙකුට, ප්‍රබලම ධනපතියෙකුට. අපට දැනගන්න පුළුවන්ද වෙනත් ලංසු කැඳවපු ආයතන මොනවාද, ඒ වගේම මේක යම්කිසි ක්‍රියාපටිපාටියකටද ගිහිල්ලා තියෙන්නෙ, නැත්නම් රජය බලයට ගේන්න උදව් කරපු ධනපතියන්ට රජය විසින් කෘතගුණ සැලකීමේ වැඩසටහනක්ද මේ ක්‍රියාත්මක වෙන්නෙ කියන එක ?
“අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකක් නෙවෙයිනෙ ? කැබිනට් අනුමැතිය ගන්නෙ ටෙන්ඩර් එකට. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ගිහිල්ලා – සාමාන්‍යයෙන් එක මුදල් සීමාවක් තියෙනවා, එතනින් එහාට ප්‍රසම්පාදනය සිදුකළ යුතු නම් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුයි. ඇත්තට ගත්තොත් කැබිනට් මණ්ඩලයට දැනුම්දීමක් කරන්නෙ. ස්ථාවර ප්‍රසම්පාදන කමිටු, තාක්ෂණික ඇගයීම් කමිටු, ඇපීල් බෝඩ්, සියල්ල අවසන් වෙලා මෙන්න මේ ප්‍රසම්පාදනය අහවල් සමාගමට මේ ක්‍රියාවලිය තුළ පිරිනමනවා කියන එක තමයි කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්නෙ. CT ස්කෑන් යන්ත්‍ර තුනක්. ඒකට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ගිහිල්ලා තිබුණා, දැන් මගෙ අතේ නැහැ කවුද ඒකට ඉදිරිපත් වුණේ කියලා. ඒ වෙලාවේ ඇහුවා නම් කියන්න තිබුණා කවුද ඉදිරිපත් වුණේ සහ ඇයි ඒගොල්ලන්ගෙ සමහර ඒවා ප්‍රතික්ෂේප වුණේ කියන එක. එහෙම ප්‍රතික්ෂේප වුණා නම් ඒ අයට ඇපීල් කරන්නත් අවස්ථාවක් තිබුණා. ඒ ඇපීල් කරලා ඒකත් ප්‍රතික්ෂේප වුණා නම් තමයි අවසානයේ කැබිනට් මණ්ඩලය එන්නෙ. ඒ නිසා මම හිතන්නෙ සමහර එවැනි ආකාරයේ ලොකු ප්‍රසම්පාදනයන්ට යන්න පුළුවන්කමක් තිබෙන්නේම ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයින්ට තමයි. කවුරුහරි කියනවා නම් එහෙම අහවල් කෙනාට මේක ගියා, මේක මේකට ගියා කියලා තේරුමක් නෑ. එහෙනම් පුළුවන් කෙනා ප්‍රසම්පාදනයට එන්න. ඇවිල්ලා එයාට අසාධාරණයක් වුනා නම් එයාට ඇපීල් බෝඩ් එකට යන්න පුළුවන්, එහෙමත් නැත්නම් අධිකරණයට යන්න පුළුවන්. කවුරුහරි කෙනෙක්, ඔය ඕනෙ ටෙන්ඩරයක් ගැන චෝදනා කරලා තේරුමක් නෑ. ඒගොල්ලන්ට යන්න ගමන් මාර්ගයක් තිබෙනවා, පැමිණිලි කරන්න පුළුවන්, අධිකරණයට යන්න පුළුවන්. නැත්නම් අහවලාට දුන්නා, මෙයාට දුන්නා කියලා චෝදනා කරන එක කිසි තේරුමක් නෑ. මම කියන්නෙ ඒ කාලය අපි ඉවර කරන්නට ඕනෙ. පැහැදිලි වරදක් වෙලා තිබෙනවා නම් කොහෙදිහරි ඒ ගැන පැමිණිලි කරලා නීතියේ රැකවරණ ලබාගන්න කාටත් අයිතියක් තිබෙනවා. ඒ නිසා මේ කාටවත් දේශපාලන රැකවරණ ලැබෙන්නෙ නෑ. ලොකු කුඩා ඕනෑම ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා ටෙන්ඩරයකට ගියා නම් එහෙම ඒක ලබාදෙන එක සාමාන්‍ය ස්වභාවයක්. ඒක වාර්තා කරන එක තමා කැබිනට් මණ්ඩලය කරන්නෙ”
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (ජුලි 08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
