ශ්‍රී ලංකාවට විශිෂ්ඨ තරග ජයක් සමඟ තරගාවලි ජය ද හිමි වේ

Date:

නිශ්මං රණසිංහ ජූලි 09, කොළඹ LNW:

අප ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තෙවන එක්දින තරගයට පෙර සඳහන් කළ කාරණාවන් අතර කුසල් මෙණ්ඩිස්,පැතුම් නිශ්ශංක සම්බන්ධයෙන් සම්පූර්ණ වූ කාරණාවන් සිහිපත් කර සිටියා.එසේම මේ සාර්ථකත්වය පන්දු ඕවර් 50 තුළ සියල්ලන් නොදැවුණු ලකුණු පූවරුවක් කරා යාමට ඇති ඉඩ සහ එහි අවශ්‍යයතාවයත් පැහැදිළි කරා.ඒ අතරින් පැතුම් බලාපොරොත්තු වූ මට්ටමට සාර්ථක නොවුණ ද,ඔහු කුසල් මෙණ්ඩිස් සමඟ දෙවන කඩුල්ලට ලකුණු 53 ක සබඳතාවයක් ඇති කරන්නට සමත් වුණා.කුසල් අති විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 124 ක් පන්දු 114 න් රැස් කර ගනිමින් බංගලාදේශ පන්දු යැවීමේ බල ඇණිය අකර්මන්‍ය කර දැමුවා.තරග ජයග්‍රහණයේ වීරයා පමණක් නොව තරගාවලි ජයග්‍රහණයේ වීරයා වන්නට ද තරගාවලිය පුරාම දක්ෂතා අතර සිටි කුසල් සමත් වුණා.


(පූර්ව සටහන – https://sinhala.lankanewsweb.net/07/08/179831/)
ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගැනීමත් එක අතකින් මේ තරගයේ ජයග්‍රහණයට යම් බලපෑමක් ඇති කරනු ලැබුවා.එහෙත් දෙපිළම ගත් විට දඟ පන්දු යවන්නන්ට පහසු යැයි පිළිගැනෙන තණතීරුව තුළ කඩුලු දඩයමට දස්කම් දැක් වූවේ මද වේග පන්දු යවන්නන් වීම කැපී පෙණුනා.බංගලාදේශය වෙනුවෙන් ටෂ්කින් අහමඩ් කැපී පෙණුනා.ශ්‍රී ලංකාව රැස් කළ කඩුලු 7 ට ලකුණු 285 ක් වූ ලකුණු පූවරුව ඉක්මවා යාමට බංගලාදේශය ගත් උත්සාහයේදි කැපී පෙණුන ලාංකේය පන්දු යවන්නන් වූයේ අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීරයි.අසිත ලකුණු 33 ට සහ දුෂ්මන්ත ලකුණු 51 ට කඩුලු 3 බැඟීන් දවා ගන්නට සමත් වුණා.


ශ්‍රී ලංකා ඉණිමේ වැදගත්ම සංධිස්ථානය වූයේ කුසල් මෙණ්ඩිස් සහ චරිත් අසලංක විසින් ගොඩ නඟන ලද සබදතාවයයි.ලකුණු 124 ක් වූ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නඟන ලද එම සබඳතාවය නිසා කඩුලු 3 ක් දැවී ලකුණු 100 ක් ව තිබුණු ලකුණු පූවරුව සිව්වන කඩුල්ල වැටෙන විට ලකුණු 224 ක් ව තිබුණා.ලකුනු 13 ක් ව ලකුණු පූවරුව තිබියදී පිටියට පැමිණි කුසල් මෙණ්ඩිස් ලකුණු පූවරුව 255 ක් වෙන තුරු පිටියේ රැදී සිටීම ලකුණු 285 ක් දක්වා ශ්‍රී ලංකාවේ ලකුණු තත්ත්වය ඉහළ යාමට බෙහෙවින් බලපැවා.එසේම පන්දු 19 දී අටවන කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ලකුණු 26 ක නොබිඳි සබඳතාවයද, ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව පොහොසත් නැවතුමක රඳවන්නට හේතු වුණා.


පිළිතුරු ඉණිමට පිවිසි බංගලාදේශය මූලික වශයෙන් ලකුණු 285 පසුකර යැමේ ඉලක්කයේ පීඩනයට යටත්ව සිටින බව පැහැදිළි වුණා.ඒ නිසා පීඩනයෙන් මිදිම සඳහා ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගැනීමේ අවමනාව මත රැඳී සිටියා විනා,ඔවුන් ඊට අවශ්‍යය සංයමය සහ ඉවසීම අමතක කර දමා තිබුණා.ඒ මානසිකත්වය තේරුම් ගනිමින් අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර පන්දු යැවීම ද සිඳු කළ බැවින් බංගලාදේශයට ලකුණු20 ක් වෙද්දී කඩුලු 2ක් ද,ලකුණු 62 ක් වෙද්දී කඩුලු 3 ක් ද අහිමි වුණා.
ප්‍රහාරයට අවශ්‍යය පසුබිම සකස් කර ගනිමින් කඩුලු අතැතිව හඹායාම කිරීමේ අරමුණෙන් ටව්හිඩ් හ්‍රිඩ්‍රෝයි ක්‍රියාත්මක වුණත්,ඔහුට සහය වීමට තරම් කෙනෙකු ස්ථාවර වුණේම නැහැ.ඒ නිසා වගකීමේ බර වැඩිකම ඔහුට ලකුණු 58 ක් ලබා සිටියදී ක්‍රීඩාගාරයට නැවත පිය නැගිමට අවශ්‍යය පරිසරය සකස් කළා.


ඒ නිසා බංගලාදේශයට නියමිත පන්දු වාර 50 න් 39.4 ක් ගෙවෙන තැන සියල්ල දැවී ගොස් ලකුණු 186 ක් පමණක් ලබා නැවතෙන්නට වුණා. ඒ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් පමණක් නොව තරගාවලියේ ජය ද 2-0 ක් ලෙස හිමි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...