නවකවදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්!

0
222

කොළඹ LNW:විශ්වවිද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කර තිබේ.

එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයාට නියම කරනු ලැබීය.

2020 වසරේ නවක වදය හේතුවෙන් ශාරීරික මෙන්ම මොළයට සිදුවූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින පළමු වසරේ සිසුවක වන පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කාන ලදී.

මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය නියෝග කර තිබේ.

මෑතකදී සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පිඨයේ දෙවන වසරේ සිසුවෙකුවූ චරිත් දිල්ශාන් සියදිවි නසා ගැනීමටද හේතු වී තිබුණේ නවක වැඩ සිද්ධියක් වන අතර ඉතිහාසය පුරාම නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාල සිසුන් සියදිවි නසා ගැනීම් වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු වුවාද යන ප්‍රශ්න නිරනත්රයෙන් මතු වූවකි.

එහෙත් සමරගමුව විශ්ව විද්‍යාලයේ චරිත් දිල්ශාන්ගේ මරණයත් සමඟ නවක වදයට විශාල සමාජ විරෝධයක් ගොඩනැගුණු අතර එය විශ්ව විද්‍යාල සංස්කෘතියෙන් බැහැර විය යුතු බවට අවධාරණය වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ