වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරුවලට හේතුවක්:නියෝජ්‍ය අමාත්‍ය රුවන්

Date:

රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ LNW :

වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරුවලට එක් හේතුවක් ලෙස, වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර ඇති බව, නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

දැනට මෙරට ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 80ක් වන අතර, ඉන් හතලිස් ලක්ෂයක් යතුරු පැදිවන අතර ත්‍රීරෝද රථ ලක්ෂ 13 ක් ද වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දිස්ත්‍රික් මට්ටමින් වාහනවල තත්ත්ව පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් 20ක් අලුතින් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ , දැනට සේවයේ නිරත මෝටර් රථ පරීක්ෂකවරුන් දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...