රිමාන්ඩ් වූ වෛද්‍ය මහේෂිගේ දියණියට අධිකරණයෙන් නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ LNW :

පසුගිය දා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්නට ඇප හිමිව ඇති බව වාර්තා වන අතර, ඇය අද (09) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙලෙස ඇප හිමි වූ බව වාර්තා වේ.

එහිදී, සැකකාර දියණියව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස, මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව සඳහන් වේ. මෙම තැනැත්තිය පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කර බව වාර්තා වූ අතර, ඉන් අනතුරුව ඇයව කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර ජූලි 09 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි. කෙසේ වෙතත් මෙම සැකකාර දියණියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවක් ද අද දහවල් කැඳවීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...