ආණ්ඩුවට අනිච්චාවත සංඛාරා – CID යන ගමන් විමල් කියපු කතාව

Date:

කොළඹ LNW:කන්ටේනර් එළියට යවපු අයගෙන් ප්‍රශ්න නොකර ඒ ගැන මත පළකළ අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට කටයුතු කරන පසුබිමක මෙවැනි ආණ්ඩුවට ඉදිරි පැවැත්මක් නොමැති බව හිටපු අමාත්‍යවරයෙක් වන විමල් විරවංශ මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (09) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණ අවස්ථාවේදීය.

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ පළිගැනීම් හැර වෙනත් දෙයක් නොමැති බවයි වීරවංශ මහතා සඳහන් කළේ.

ආණ්ඩුව ක්‍රියාත්මක වෙමින් සිටින ආකාරය අනුව කීමට ඇත්තේ අනිච්ජාවත සංඛාරා යැයි ද හෙතෙම කියාසිටියේය,

”අනිච්චාවත සංඛාරා. එහෙම ආණ්ඩුවකට ගමනක් නැහැ. මේක මහජනයා ඉවසන්නේ නෑ.කන්ටේනර් තුන්සිය ගාණක් රතු ලැයිස්තුවේ තිබුණ දෙසිය ගානක් එක්ක රේගු බදු අය නොකර ඔහේ එළියට දැම්මා. මොනවද තිබුණේ කියල දෙයියෝ තමයි දන්නේ. ඒ තිබ්බ දේවල් තමයි අද තැන් තැන්වල පුපුරන්නේ. වෙඩි තියන්නේ. මත්ද්‍රව්‍ය හැටියට පැතිරෙන්නේ. එතකොට මේ වගේ අපරාධයක් කරපු ඒ අපරාධය වහන්න හදන ආණ්ඩුවකට පවතින්න පුළුවන්ද? එහෙම නම් ඉතින් ලංකාවේ මේ සොබාධර්මය කියන එක බොරු වෙන්න ඕනේ.”

බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති අතර ඉන් සාධාරණයක් වනු ඇත්ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් චිමල් වීරවංශ මහතාගෙන් විමසා සිටියේය.

එහිදී ඔහු පැවසුවේ,”මෙහෙමනේ. වෙසක් දවසේ ජනාධිපති දාපු ලේඛනයට පිටින් කෙනෙක් එළියට දැම්මා කියල බන්ධනාගාර ප්‍රධානියාව හිරේ දැම්මා. හැබැයි එළියට ආපු කෙනා තාමත් යහතින් ඉන්නවා. කැකිල්ලේ නඩු තීන්දුනේ. ඒවගේ කැකිල්ලේ තීන්දු තමයි මේවට එන්නේ. ඔය කියන වාර්තාව අනුව කටයුතු කරයි කියල මම නම් හිතන්නේ නෑ යනුවෙන් හිටපු අමාත්‍යවරයා පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...