කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ?

ගනේමුල්ලේ සංජීව ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා මැලේසියාවේදී එරට පොලීසිය විසින් අද (09) අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම තවත් පාතාල සාමාජිකයකු වන කමාන්ඩෝ සලින්ද නමැත්තා ද මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

කලක් තිස්සේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් අපරාධ රැසක් මෙහෙයවූ බව කියන කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී වෙනත් නමකින් පෙනී සිට ඇති බවත් වාර්තා වේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.