‘සයදින යුද්ධයේ දී’ යට ගැසූ මරණ 20ක් වසර 55 කට පසු එළියට!

Date:

පණපිටින් පුළුස්සා ඝාතනයට ලක්කළ ඊජිප්තු හමුදා සොල්දාදුවන් 20 දෙනෙකුගේ පමණ මෘතදේහ ඊශ්‍රායලයේ සමූහ මිනීවලක තිබී හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

ජනප්‍රිය ඊශ්‍රායල ජාතික මාධ්‍යවේදියකු වන යොසී මෙල්මන් ඊයේ (08) දින කළ අනාවරණයක් පරිදි මෙම ඊජිප්තු සොල්දාදුවන් ඝාතනය කර තිබෙන්නේ අරාබි – ඊශ්‍රායල ‘සයදින යුධ’ සමයේ වන අතර දශක ගණනාවක් පුරාවට මෙම මනුෂ්‍ය ඝාතන අතිශය රහසිගත සිදුවීම් බවට යට ගසා තිබේ.

ඒ අනුව මෙම මෘතදේහ හඳුනාගෙන තිබෙන්නේ එකී ඝාතන සිදුවී වසර 55 කට පසුවයි.

මෙම සමූහ මිනීවල සලකුණු කර නොතිබූ පිටියක තිබී හමුවී ඇති අතර, මෙම සමූල ඝාතනයේ සුලමුල අනාවරණය කරගෙන ප්‍රසිද්ධ මාධ්‍යයට ඉදිරිපත් කරන්නේ පළමු වරටයි.

මෙකී ඝාතන සිදුකර තිබෙන්නේ 1967 වර්ෂයේ පමණ ඊශ්‍රායල හමුදාව (IDF) විසින් බව සඳහන්. මෙම මිනීවල හඳුනා නොගත් භූමියක් ලෙස පැවතීම යුධ නීති වලට ද පටහැනි බවයි මෙල්මන් පෙන්වා දෙන්නේ.

ඊශ්‍රායලයේ ජෙරුසලමට බටහිරින් කිලෝමීටර 25 සහ රම්ලා සිට කිලෝමීටර 14 ගිනිකොන දෙසින් පිහිටි ටෙල් අවිව් සහ ජෙරුසලම අතර මාර්ගයට යාබද කඳු මුදුනක් වන ලැට්රන් හි මෙම මිනීවල පිහිටා ඇති අතර, එය මෙවන් සමූල ඝාතනයක් යට ගැසීමට සුදුසුම භූමි කලාපයක් බව සඳහන්.

මීට හේතුව වන්නේ 1948 පැවති යුද්ධයෙන් අනතුරුව ඊශ්‍රායලය සහ ජෝර්දානය අතර එළඹි ගිවිසුමක් ප්‍රකාරව මෙම කලාපය මිනිස් වාසයෙන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත්කර තිබීමයි.

‘සයදින යුද්ධය’, නැතහොත් තුන්වන අරාබි – ඊශ්‍රායල යුද්ධය යනුවෙන් හැඳින්වෙන්නේ, 1967 වර්ෂයේ ජූනි 5 සිට 10 වන දින දක්වා කාලය තුළ ජෝර්දානය, සිරියාව සහ ඊජිප්තුව (එවකට මෙම රාජ්‍ය ත්‍රිත්වය හැඳින්වූයේ එක්සත් අරාබි ජනරජය යනුවෙනි) සමන්විත වූ අරාබි රාජ්‍ය සභාගයක් සහ ඊශ්‍රායලය අතර ඇතිවූ සන්නද්ධ ගැටුමකි. මෙම යුද්ධයේදී අරාබි හමුදාවන් පරාජය කර ජෝර්දාන පාලනයේ පැවති නැගෙනහිර ජෙරුසලම, ඊජිප්තු පාලනයේ පැවති ගාසා තීරය, සීනායි අර්ධද්වීපය සහ සිරියානු ගෝලාන් කඳුකරය ඇතුළු බටහිර ඉවුර අත්පත් කර ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් විය.

මෙල්මන් අනාවරණය කරන්නේ, මෙම යුද්ධය ආරම්භ වීමට දින කිහිපයකට පෙර හිටපු ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර්, එවකට බටහිර ඉවුර පාලනය කළ ජෝර්දානයේ දිවංගත රජු වන හුසේන් බින් තලාල් සමඟ ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ බවත්, ඉහත කී මනුෂ්‍ය ඝාතන මෙම එකඟතාවය උල්ලංඝනය කර ඇති බව පැහැදිලි වන බවත් ය.

යොසී මෙල්මන් ඊශ්‍රායලයේ ආරක්ෂක තොරතුරු පිළිබඳ කරුණු අනාවරණය කිරීම මත ජනප්‍රියත්වයක් ලද මාධ්‍යවේදියෙකි. ඔහු විසින් කරන ලද මෙම බරපතල අනාවරණය පිළිබඳව ඊශායල රජය මෙතෙක් නිල පිළිතුරක් ලබා දී නොමැත.

https://twitter.com/yossi_melman/status/1545182838911184896?s=20&t=TW_pQr4sa83JmTLydsYnog



IP-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...