*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

ගෝඨාභය ආරක්ෂා කළ රනිල් කැඳව කිසිදු රැස්වීමකට යන්නෙ නෑ – සජබ දැඩි තීන්දුවක

පවත්නා අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක හමුවක් කැඳවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. මීට අමතරව අගමැතිවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දැනුම් දී තිබෙන්නේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා කැඳවන කිසිදු සාකච්ඡාවකට සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

එම පක්ෂය පවසන්නේ, ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි රටේ සමස්ත ජනතාවම බලකර කියා සිටිද්දී ජනතා මතයට හිස නැමීමට ජනාධිපතිවරයා තීරණය කර තිබූ බවයි. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය බාර ගැනීම හේතුවෙන් ජනාධිපතිවරයා සිය තීරණය වෙනස් කරගත් බවත්, මේ නිසා ජනතා බලය අහිමි වූ ජනාධිපතිවරයා ආරක්ෂා කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

එවැනි පුද්ගලයෙකු ආරක්ෂා කළ වික්‍රමසිංහ මහතා සමග කිසිදු සාකච්ඡාවකට සූදානම් නොමැති බවයි සජබ වැඩිදුරටත් පවසන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan