රට බරපතල තැනකට නොයවා ජනාධිපති සහ අගමැති ඉවත්වන්න – මෛත්‍රී (VIDEO)

Date:

රට ඉතාම බරපතල තත්ත්වයකට ඇද නොදමා ජන මතයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ඒ, අද (09) පස්වරුවේ කැඳවා තිබුණු පක්ෂ නායක රැස්වීමේදීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් එය සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර ඉදිරි වැඩපිළිවෙල සකස් කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයින් අරගලයේ නිරත පිරිස් සමඟ සකාච්ජා කළ යුතුව ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...