මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ඉදිරිපිටද විරෝධතාවක් පැවැත්වෙන අතර එයට ද ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කෙසේවෙතත් තවදුරටත් එම ස්ථානයටද ජනතාව ඇදෙමින් සිටින අතර විරෝධතාව උත්සන්න වෙමින් තිබෙන බවයි එම ස්ථානයේ රැඳී සිටින අප වාර්තාකරු පැවසුවේ.
පොලීසිය විසින් විරෝධතාවයේ සිටින ජනතාවට බැටන් පොලු ප්‍රහාරයක්ද එල්ල කර ඇත.
ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට මෙන්ම ජනතාවටද තුවාල සිදුව තිබේ.
ASK