පාතාලයින් සමග සබඳතා පැවැත්වූ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියට ඇප

ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ඉඩම් බැහැර කිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට සහ සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පැවැත්වීම පිළිබඳ සැකපිට අත් අඩංගුවට ගත් ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) නියම කළේය.

සැකකාරිය කොළඹ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයක සේවය කරමින් එහි පවතින පත්තිරු සහ වෙළුම් ඔප්පුවල දෙවන පිටපත් බාහිර පාර්ශවයන් වෙත ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබූ අතර සංවිධානාත්මක අපරාධ සඳහා සෘජුවම ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම, නීත්‍යානුකූල අයිතිකරුවන් නොදැනුවත්ව ව්‍යාජ ලේඛන සකස් කොට, අදාළ ඉඩම් වෙනත් පාර්ශවයන් වෙත බැහැර කිරීමට කටයුතු කිරීම යන චෝදනාවන් ද ඇයට එල්ල වී තිබිණි.

දීර්ඝ විමර්ශනයකින් පසුව ඊයේ පෙරවරුවේ ඇයව අත් අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ මූල්‍ය අපරාධ විර්මශන ඒකකය විසිනි.

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයක ඉඩම් රෙජිස්‌ට්‍රාර්වරියක වශයෙන් කටයුතු කර ඇති ඇය පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි.

සැකකාරියව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 109,113 සමග කියවිය යුතු 113 (ආ) 158 දරන වගන්ති ප්‍රකාරව වැරැදි සිදු කිරීම හා පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනත ප්‍රකාර වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් ඇයව අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරියව මුදා හැරීමට නියම කළ අතර ඇයට විදෙස් ගමන් තහනමක් ද පැනවූයේය. එමෙන්ම සිද්ධියට අදාළ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවය කළ අනෙක් සාක්ෂිකරුවන්ගේ බැංකු වාර්තා සහ දුරකථන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා සීඅයිඩී නිලධාරීන්ට නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...