මයින්ද මාත්තියා රටට කරපු සේවය මදි වගේ කියල දැන් හිතෙන නිසා දේශපාලනයෙන් විශ්රාම ගන්නේ නැහැ කියල කියනවා. ඒ කියන්නේ තව මේ රට වෙනුවෙන් කරන්න ‘වැඩ’ තියෙනවා කියන එක.
ඒක ඇහුවම ඇත්තටම මට යම් බයක් හිතුණා. ඒ කාලේ තිබ්බ ‘වැඩ කිඩ’ ටික මතක් වෙලා. ‘මහින්ද මහත්තයා ආයෙත් ආවොත්’ කියන එක හරිම ෂෝක් මාතෘකාවක්….
ඔන්න සිංදු කාරයෝ ටික මහරජා ආව කියල සිංදු කියන්න ගන්නවා. සමරනායකයට ටීවී එක දෙනවා. ඌ ඒවා ටීවී එකේ පෙන්නනවා. හඩ්ඩට ගුවන් විදුලිය දෙනවා. ඌ ඒකෙ පදිංචිම වෙලා උදේ හිටන් හවස් වෙනකල් හාන්න ගන්නවා.
මාත්තියා මල්වට්ටි අරගෙන යනවා. ජාතිය නැගිටිනවා. මෙත්මල් පූදිනවා. අලුත් හැඳුනුම්පත් හැදෙනවා. වන්දි භට්ටයෝ කියවන්න ගන්නවා.
දැන් සිල් අරන් වගේ ඉන්න රේස් පදින පුතා රේස් පදින්න ගන්නවා. අනික් පුතා ටීවී චැනල් පටන් ගන්නවා. අනිකා රොකට් අරින්න ගන්නවා. ආයෝජනය කරනවා. අනුයෝජනය කරනවා. අපයෝජනය කරනවා. රගර් ගහනවා.
මරනවා. අතුරුදහන් වෙනවා. දැන් තියෙන නඩු විසි වෙනවා. ඇතුලේ ඉන්න උං නිදහස් වෙනවා. අලුත් උං ඇතුලට යනවා. සමහරු නොඑන්නම යනවා.
අලුත් පොලිසියක් එනවා. සිද්දාලේප ගානවා. ලෙඩ සුව කරනවා. වැඩ කෝටියයි.
චමල් අයියට පොලිසිය. බැසිල් මල්ලිට ආර්ථික. නාමල්ට තරුණ සහ ක්රීඩා. ජොනීට සතොස ආදී වශයෙන් කැබිනට් එක නම් වෙනවා. කෝප් එක රෝහිතට දෙනවා.
ටික දවසක් ඔහොම ආතල් එකේ යනකොට රට බංකොලොත් වෙනවා. ආයෙත් ගෝල්ෆේස් යන්න වෙනවා.
මට මතක් වෙන්නේ දැනට එච්චරයි. තව දේවල් මතක් උනොත් කොමෙන්ට් කරන්න….
~ මහේෂ් හපුගොඩ


