පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේත් යළි බන්ධනාගාරයක් පිහිටුවීමට අතිවිශේෂ ගැසට්ටුවක්

සටහන – රුවන් නෙළුගොල්ල

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ යළි බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. “පැරණි බෝගම්බර බන්ධනාගාරය” වශයෙන් නම් කර ඇති මෙම බන්ධනාගාරයෙහි බල ප්‍රදේශය වශයෙන් සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි එම ගැසට් නිවේදනයෙන් නියම කර ඇත.

මහනුවර නගර මධ්‍යයේ පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනීමටයි මීටපෙර යෝජනා වී තිබුණේ.

මේ අතර වසාදැමුණු ගාල්ල, මහමෝදර රොහලේ කොටසක ද බන්ධනාගාරයක් පිහිටුවීම සඳහා මෙවැනිම ගැසට් නිවේදනයක් අමාත්‍යවරයා විසින් පෙරේදා (07) දිනයේදී නිකුත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...