භික්ෂුවකට සහ කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් 8 දෙනා රිමාන්ඩ් !

Date:

බෝමිරිය ප්‍රදේශයේදී භික්ෂුවකට සහ කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඊයේ (08) පස්වරුවේ ඔවුන්ව කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

අදාළ සැකකරුවන්ව ලබන 12 වනදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

මෙම අමානුෂික පහරදීම සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පැවති අතර මීට අදාළ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබිණි. ඒ අනුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...