ගෝඨාභයගේ බෝඩ් ලෑලි ජාතික පාසල් ගැන විපක්ෂ නායක සජිත්ගෙන් අනාවරණයක් (VIDEO)

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය කාලයේ කිසිදු භෞතික සම්පතක් දියුණු නොකර බෝඩ් ලෑල්ලට පමණක් සීමා වූ පාසල් 837ක් ‘ජාතික පාසල්’ ලෙස නම් කළ බවත් එම පාසල්වල භෞතික සම්පත් කිසිවක් තවම දියුණු වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

මෙරට ඇති රජයේ පාසල් 10150ක් අතරින් සත්‍ය වශයෙන් ම ජාතික පාසල් 373ක් සහ පලාත් සභා පාසල් 8951ක් තිබුණත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බෝඩ් ලෑලිවලට පමණක් සීමා කරමින් නිර්මාණය කළ ජාතික පාසල්වල ‘ජාතික පාසල් නාමය සහිත බෝඩ් ලෑල්ලට’ පමණක් ලක්ෂ 20ක් වියදම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දුන්නේය.

එබැවින් එම පාසල් ප්‍රායෝගිකවම ජාතික පාසලක් ලෙස සකස් කරන ලෙසත් ඒ සඳහා විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට ද සම්පත්වලින් උදව් කිරීමට හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...