ගෝඨාභයගේ බෝඩ් ලෑලි ජාතික පාසල් ගැන විපක්ෂ නායක සජිත්ගෙන් අනාවරණයක් (VIDEO)

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය කාලයේ කිසිදු භෞතික සම්පතක් දියුණු නොකර බෝඩ් ලෑල්ලට පමණක් සීමා වූ පාසල් 837ක් ‘ජාතික පාසල්’ ලෙස නම් කළ බවත් එම පාසල්වල භෞතික සම්පත් කිසිවක් තවම දියුණු වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

මෙරට ඇති රජයේ පාසල් 10150ක් අතරින් සත්‍ය වශයෙන් ම ජාතික පාසල් 373ක් සහ පලාත් සභා පාසල් 8951ක් තිබුණත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බෝඩ් ලෑලිවලට පමණක් සීමා කරමින් නිර්මාණය කළ ජාතික පාසල්වල ‘ජාතික පාසල් නාමය සහිත බෝඩ් ලෑල්ලට’ පමණක් ලක්ෂ 20ක් වියදම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දුන්නේය.

එබැවින් එම පාසල් ප්‍රායෝගිකවම ජාතික පාසලක් ලෙස සකස් කරන ලෙසත් ඒ සඳහා විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට ද සම්පත්වලින් උදව් කිරීමට හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...