චමරිත් සමඟම ශ්‍රී ලංකාව බිඳ වැටේ

Date:

විස්සයි විස්ස තරග ආකෘතිය ඇතුළේ මෑත ඉතිහාසයේ චමරි අතපත්තුගේ දායකත්වයෙන් තොරව වුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ ලකුණු මට්ටමට පිවිසිය හැකි බව පෙන්වා තිබුණ ද,ඊයේ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී සිඳු වූයේ චමරි අසාර්ථක වීමෙන් පසුව සමස්ත කණ්ඩායමම බිඳ වැටීමය.

නවසීලන්තය කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කළේය.එම තීරණය පළමු පන්දුවෙන්ම මල්පල ගන්වා ගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඔවුන්ට එරෙහි ප්‍රබලම අභියෝගය වන චමරි අතපත්තු දවා ගත්හ.එතැන් සිට කෙමෙන් කෙමෙන් දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය එකතු කළේ විශ්මි ගුණරත්නය.ඇය ලකුණු 26 ක් රැස් කළාය.අනුෂ්කා සංජීවනී සහ ඕෂධී රණසිංහ ලකුණු 18 බැඟින් රැස් කළහ.ශ්‍රී ලංකා ඉණිම පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 9 ට ලකුණු 106 ක් විය.

පිළිතුරු ඉණිම ආරම්භයේදී ක්‍රියාත්මක වූ මෑත කාලයේ සුවිසල් ප්‍රගතියක් පෙන්වන උදේශිකා ප්‍රබෝධනී,තරගයේ තෙවන ඕවරය ක්‍රියාත්මක වෙමින් තිබියදී ආරම්භක පිතිකාරිය බර්නඩේත් දව ගනිද්දි නවසීලන්ත ලකුණු පූවරුව 7 ක් විය.නමුත් පළපුරුදු සුසී බේට්ස් සහ ඇමෙලියා කොර් දෙවන කඩුල්ලට ලකුණු 58 සබඳතාවයක් එක් කළහ.නවසීලන්ත ජයග්‍රහණයේ වීරවරිය වූ සුසී බේට්ස් ලකුණු 44 ක් එක් කළාය.ඇමෙලියාගේ දායකත්වය ලකුණු 34 ක් වූවාය.

මේ තරගාවලියේ දග පන්දුවට වඩා අභියෝගයක් සේ වැඩෙමින් තිබෙන ශ්‍රී ලංකා මද වේග පන්දු යැවීමේ බලය පෙන්වමින් උදේශිකා පන්දු ඕවර් 3.5 ක් නිමා කළේ ලකුණු 14 ට එක් කඩුල්ලක් බිද දමමින්ය.කැපී පෙනෙනම පන්දු යවන්නිය වූ උදේශිකා ගේ මද වේග සහයිකාව වූ ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 17 ට කඩුලු 3 ක් දවා ගත්තාය.

එහෙත් ඉනෝෂිට සහ උදේශිකාට නවසීලන්ත ජය වැළක්වීමට නොහැකි විය.ඔවුහූ 19 පන්දු ඕවරයේ පස්වන පන්දුවේදී ලකුණු පූවරුව කඩුලු 5 ට ලකුණු 107 ක් බවට පත් කළහ.පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවට ඇති ප්‍රවේශය ය.

සටහන – නිෂ්මං රණසිංහ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...