දුම්රිය වැඩවර්ජකයින්ට එරෙහිව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (10) දිනයේ කැඳවා ඇති දුම්රිය වැඩවර්ජනය නීතිවිරෝධී බවත් ඒ අනුව, අද සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේ සිට ප්‍රවාහන සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් වශයෙන් ගැසට් කර ඇති බවයි.

එසේ තිබියදීත් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් හදිසියේ කැඳවා ඇති වැඩවර්ජනය නීතිවිරෝධී බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

උසස් වීම් ඇතුළු ඉල්ලීම් 14ක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කළේ ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ය. මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබුණු සියලුම තැපැල් දුම්රියන් අවලංගු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...