චන්දිමාල්ගෙන්, පැතුම්ගේ LPL හොඳම ඉණිමේ රැස් බස්සන ඉණිමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජූලි 09, (LNW) කොළඹ : ලකුණු 224 ක ඉලක්කයක හඹා යමින් දිනේෂ් චන්දිමාල් ගේ පිත්තෙන් ලද වාරුවත් සමග වාර්තාගත ජයක් අත් කර ගන්නට ගියවර සූරතාවය දිනා ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට හැකි වුණත්, ඊයේ දිනය නිමාවන විටත් අත් වූයේ තරගාවලියේ අවසාන තැනයි.දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අවසාන තරග දෙකේදී කැපී පෙණෙන දස්කම් දක්වමින් තරග දෙකම ජය ගැනීමට සමත් වූ අතර ඊයේ ගෝල් මාවර්ලස් කණ්ඩායම අභිබවා යමින් ලබා ගත් ලකුණු 25 ක ජයග්‍රහණයේ දී අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයා ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටින චමිඳු වික්‍රමසිංහ යළිත් කැපී පෙණෙන දස්කම් දක්වමින් දඹුල්ලට ජය ලබා දුන් තරගයේ වීරයා බවට පත් වුණා.


කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ඒරෙහිව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ලකුණු 224 ක් ලබා ගත්තේ එල්පීඑල් තරග ඉතිහාසයේ හොඳම පෞද්ගලික ඉණිම ක්‍රියාත්මක කරමින් පැතුම් නිශ්ශංක රැස් කරන ලද ලකුණු 119 ද ආධාර කරගෙනයි.එහෙත් දිනේෂ් චන්දිමාල් පන්දු 37 න් ලබා ගත් ලකුණු 89 නිසා සහ ඔහු මොහොමඩ් හාරිස් (25) සමඟ දෙවන කඩුල්ලට එකතු තළ ලකුණු 58 නිසාත්,කමිදු මෙණ්ඩිස් (නොදැවී 65) සමඟ තෙවන කඩුල්ලට රැස් කළ ලකුණු 72 ක සබඳතාවයත් නිසා පන්දු 7 ක් ඉතිරිව තිබියදී කැන්ඩි කණ්ඩායමට කඩුලු 7 ක ජයක් කරා යන්නට හැකි වුණා.කමිඳු සමග සිව්වන කඩුල්ලට නොදැවී ලකුණු 29 ලබමින් ඇන්ජලෝ මැතිවිස් එකතු කළ ලකුණු 66 ක නොබිඳි සබඳතාවය නිසා පන්දු 7 ක් තිබියදී ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 230 ක් බවට පත් වුණා.


ලකුණු පූවරුව පහතින් දැක්වෙනවා. https://es.pn/3WjsVmg
ලකුණු අධික වූ ජැෆ්නා සහ කැන්ඩි තරගයට වඩා ඉන් අනතුරුව පැවති දඹුල්ල සහ ගෝල් අතර තරගය වෙනස් මුහුණුවරක් ගත්තා.පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් චමිඳු වික්‍රමසිංහ එකතු කළ ලකුණු 56 නිසා නියමිත පන්දු වාර 20 නිමාවේ දඹුල්ල ලකුණු පූවරුව කඩුලු ට ලකුණු 160 ක් බවට පත් වුණා.


දඹුල්ල මෙම ලකුණු 160 රැක ගැනීම සඳහා මුල සිටම තරගයට අවතීර්ණ වුණා.ඒ අතරින් නුවන් තුෂාර තරගයේ ආරම්භයේදී ම ගෝල් මාවර්ලස් කණ්ඩායමේ කඩුුලු පැහැර ගැනීම ආරම්භ කරමින් තරගය නිමාවේදී ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත් අතර දුෂාන් හේමන්තට ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.ඒ අභියොගාත්මක තත්ත්වයට තනිව මුහුණ සෙමින් තරගයේ අවසාන භාගයේ වේගවත් ලකුණු 72 ක් පන්දු 38 දී ලබා ගන්නට ඉසුරු උදාන සමත් වුණත් පන්දු ඕවර් 19.4 දී ගෝල් කණ්ඩායමට ලකුණු 135 ක් ව තිබියදී සියලු කඩුලු අහිමි වුණා.
ලකුණු විස්තරයට පිවිසෙන්න. https://es.pn/3zDSLs7

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...