“MasterChef ඕස්ට්‍රේලියා” තරඟයට තේරීපත් වූ Top 3!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 10, (LNW) කොළඹ
: රසයෙන් සහ ඉවුම් පිහුම් කෞෂල්‍යයෙන් අනූනව අභියෝග ජය ගනිමින් මෙතෙක් ආ MasterChef ගමන් මගෙහි අවසන් තරඟකරුවන් තිදෙනා ද මේ වනවිට තෝරාපත් කරගෙන තිබේ. ඔවුන්ට ඉතිරිව ඇත්තේ තවත් පොඩි පිම්මක් පමණි.

මෙම සූපවේදීන් තිදෙනා 2024 MasterChef Australia හි ඉහළම ස්ථානය සහ ඔවුනට ලැබෙන බැරෑරුම්ම මාතෘකාව සඳහා තරඟ කිරීමට නියමිතය.

Savindri, Josh, Nat මේ දක්ෂ සූපවේදයේ හරි රහ හොයාගත් ඒ දක්ෂයින් තිදෙනා වේ.

Savindri ලාංකීය අපිට විශේෂ අයෙකි.

https://www.instagram.com/p/C89LN65verq/embed/captioned/

තරඟය පුරාවටම Sav ඇයගේ තාක්ෂණික හැකියාව සහ බොහෝ අභියෝග වලට නිර්මාණශීලී ප්‍රවේශයන් පෙන්වා දෙමින් හෙලකම අමතක නොකරමින් මෙතෙක් ආ ගමන් මඟ ආ දක්ෂ සූපවේදිනියකි.

ඇයගේ කාගේත් කතාබහට ලක් වුණු ආහාර කිහිපයක්;

Lamprais

Carolina Reaper Prawn Consommé

Tropical Squid Ceviche with Mango, Chilli, Coconut and Curry Leaf

මෙවර ඕස්ට්‍රේලියාවේ හොඳම ගෘහ සූපවේදීන් 22ක් මෙම තරඟයට මූලික වට තුළින් ඇතුළත් ව තිබුණි.

ඩොලර් 250,000 ක මුදල් ත්‍යාගය ක් සහ MasterChef කිරුළ දැරීමට අවසන් සටනට සැරසෙන මේ දක්ෂ සූපවේදීන් හට අපි අපගේ සුභ පැතුම් එක් කරන්නෙමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...