පිළිකා රෝගීන් වෙනුවෙන් සහනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW):

ලංකාවේ පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරණකාරක යන්ත්‍ර 14ක් අදියර 2ක් යටතේ සැපයීම පිණිස එක්සත් රාජධානියේ ඉලෙක්ටා සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර 2013 වර්ෂයේ දී ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ අනුව එම ව්‍යාපෘතියේ පළමු අදියර මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර දෙවන අදියර මේ දක්වා ක්‍රියාත්මකව නොමැත. 

මේ වන විට යොදා ගනු ලබන නවීන පිළිකා සත්කාරයේ ප්‍රමිතිගත බොහෝ වැදගත් අංගයන් 2013 වසරේදී අත්සන් කරන ලද මුල් ගිවිසුමේ පිරිවිතර තුල නොපවතින බැවින්, වැඩි දියුණු කරන ලද යන්ත්‍ර සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් ඉදිරිපත් කළ නිර්දේශ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය මත පදනම්ව මහනුවර ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහල වෙත පළමු අදියර යටතේ සපයා දී ඇති රේඛීය ත්වරණකාරක යන්ත්‍ර වැඩි දියුණු කිරීමටත්, දෙවන අදියර යටතේ රත්නපුර, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල් 5 සඳහා නවීනතම වර්ගයේ විකිරණ චිකිත්සක උපකරණ ප්‍රමුඛතා පදනම මත 2024- 2026 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සපයා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...