ලියෝ පාප්වහන්සේගේ අප්‍රිකානු සංචාරය..

රෂිකා හෙන්නායක අප්‍රේල් 18 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2026 වසරේ පොප් ලියෝ XIV පාප්තුමා අප්‍රිකානු මහාද්වීපයේ සිදුකරන ඓතිහාසික සංචාරයේ තෙවන අදියර ලෙස ඇන්ගෝලාවට පැමිණීම විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී පාප්තුමා විසින් දූෂණය, ස්වභාවික සම්පත් සූරාකෑම සහ කෘතිම බුද්ධියේ අවදානම් පිළිබඳව දැඩි ලෙස අදහස් දක්වා ඇති බව සඳහන් වේ.

මෙම සංචාරය සිදුවන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාප්තුමා අතර මැදපෙරදිග ගැටුම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වාග් යුද්ධයක් පවතින පසුබිමක ය.

ලෝක සාමය වෙනුවෙන් හඬ නගන පාප්තුමා, තමාව විවේචනය කරන දේශපාලන නායකයන්ට බිය නොවන බවත් පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියා හෙළා දකින බවද අවධාරණය කෙරේ.

ඇන්ගෝලාවේදී එතුමා ආගමික වතාවත්වලට සහභාගී වෙමින් එරට ජනතාව ඇමතීමට නියමිත අතර, මෙය ඇමරිකානු ජාතික පාප්වරයෙකු අප්‍රිකාවේ සිදුකරන සුවිශේෂී සංචාරයකි.