ශ්‍රී ලංකාව ලොකුම බදු අඩුකිරීම ලබාගත්තා. අපේ අධිෂ්ඨානශීලී රාජ්‍යතාන්ත්‍රික භාවයේ ප්‍රතිඵල තමා – විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති

Date:

ඇමරිකානු තීරුබදු සම්බන්ධයෙන් මෙතෙක් ලැයිස්තුගත කර ඇති සියලුම රටවල් අතරින් විශාලතම බදු අඩුකිරීම ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

ඒ අනුව අප්‍රේල් මාසයේදී 44%ක් වශයෙන් නියම කෙරුණු තීරුබදු ප්‍රතිශතය ජුලි මාසය වනවිට 30%ක් දක්වා අඩුකරගැනීමට හැකිවුණු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙය රජයේ ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සහ නිහඬ, අධිෂ්ඨානශීලී රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ප්‍රතිඵල පිළිබිඹු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මෙහිදී ඇමරිකානු පරිපාලනයේ ඵලදායී මැදිහත් වීම පිළිබඳවත් මෙම සාකච්ඡා සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම පෙන්වූ වෘත්තීයමභාවය පිළිබඳවත් සිය හෘදයාංගම ස්තූතිය පුදකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර ඇති සටහන පහතින් දැක්වේ.

එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතා ද සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ කලාපයේ අන් රටවල් අතරින් විශාලතම බදු අඩුකිරීම ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති බවයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සම්පූර්ණ සටහන සහ ඡායාරූප පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...