නාදුනන මළසිරුරක් හෝමාගම මාර්ගයකින් හමුවෙයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ LNW :

වයස අවුරුදු 35 ක් පමණ වන පුද්ගලයෙකුගේ යැයි සැක කෙරෙන ,පිරිමි මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ.

පොලීසිය පැවසුවේ , අද (10) උදෑසන මෙම මළ සිරුර හමු වූ බවයි. ඔහුගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළහැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන අතර ගෙල ඉදිමි ඇති තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ද දක්නට ඇති බවත්ය.

මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින අතර, මෙම තරුණයාව වෙනත් ස්ථානයකදී ඝාතනය කර ඔහුගේ සිරුර රථයකින් රැගෙන විත් මෙම ස්ථානයට දමා යන්නට ඇති බව පොලීසිය සැකපල කරයි.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත.

හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අසීරු මොහොතේ සියලු දෙනා එක්වන්න – ජනපති පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන් ඉල්ලයි

කොළඹ LNW: මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත...

කොළඹ මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වෙලා!

කොළඹ LNW:දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් කොළඹ...

මෝය කටවල් නොකැපීම නිසා ගංවතුර තත්වය තවත් උඝ්ර වෙන ලකුණු ?

කැළණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ වැනි ප්‍රධාන ගංගාවල...

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට ඉන්දීය රජයේ එකඟතාව..

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...