හූති කැරළිකරුවන් රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ LNW :

හූතී කැරළිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කළ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාර එල්ල කර තිබේ හූති කැරළිකරුවන් රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මෙම සතිය තුළ එල්ල කළ දෙවන ප්‍රහාරය ⁣මෙය වේ.

ප්‍රහාරයෙන් අනතුරුව නෞකාව මුහුදුබත් වී ඇති අතර ඉන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු  දිවි බේරාගෙන තිබේ. ඉන් කිහිපදෙනෙකු හූතී කැරළිකරුවන් විසින් පැහරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලයිබීරියානු ධජය සහිත ග්‍රීක එටර්නිටි සී නෞකාවට ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ කාර්ය මණ්ඩලය සාමාජිකයින් 25 දෙනෙකු එහි සිට ඇතැයි සඳහන් වන අතර, නෞකාව මුහුදුබත් වීමෙන් කාර්ය මණ්ඩල සාමජිකයින් 15 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හුති කැරළිකරුවන් පවසා ඇත්තේ, අදාල නෞකාව ඊශ්‍රායලය බලා යාත්‍රා කිරිම හේතුවෙන් ප්‍රහාර එල්ල කළ බවයි.