චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ පරිණාමය පිළිබඳ මුල්ම අනාවරණය චීනයෙන්!

Date:

කොළඹ LNW:චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයන් හි පාංශු සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම පර්යේෂණයන් හි ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල පරිණාමය පිළිබඳ අනාවරණයක් සිදු කළ ලොව ප්‍රථම රට බවට චීනය පත්වනවා.

චීන විද්‍යා ඇකඩමිය ඊයේ (09) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව සඳහන් කළා.‍

ඒ අනුව, චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල ගිනිකඳුවල ස්වභාවය, ඉපැරණි චුම්බක ක්ෂේත්‍රය, චන්ද්‍ර ප්‍රාවරණයෙහි ජල අන්තර්ගතය හා එහි භූ රසායනික ලක්ෂණ සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා. එම පරීක්ෂණ තොරතුරු ඊයේ (09) ජාත්‍යන්තර විද්‍යා සඟරාවක් වන Nature හි එළි දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...