නීතිවිරෝධීව ගෙන්වූ සුවඳ විලවුන් සහ ශරීර ආලේපන තොගයක් තොගයක් විනාශ කිරීමට නියෝග!

Date:

රෂිකා හෙන්නායක ජූලි10, කොළඹ LNW :

ආනයනකරුවෙකුගේ තොරතුරු සඳහන් නොවන සහ සැපයුම්කරුවෙකුගේ කුවිතාන්සියක් හෝ බිල්පතක් නොමැතිව වෙළෙදපොළට නිකුත් කිරීම සදහා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක් තුළ ගබඩාකර තිබූ සුවඳ විලවුන් සහ ශරීර ආලේපන තොගයක් පසුගියදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකරන ලද වැටලීමකදී සොයාගෙන තිබේ.

අදාළ වැටලීමේදී එම නිවස තුළ රහසිගතව ගබඩාකර තිබූ වෙළෙඳනාම 35 කට අයත් විදේශ රටවලින් ආනයනයකරන ලද ලෙස පවසන ලද සමෙහි ආලේපකරන ක්‍රීම් වර්ග ඇතුලු සුවඳ විලවුන් අසුරන 4079 ක් නිලධාරීන් භාරයට ගනු ලැබීය. එම වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ භාණ්ඩ ආනයනික බව තහවුරුකිරීමට හෝ එම භාණ්ඩ තමාට ලැබුණු ආකාරය තහවුරු කිරීමට කිසිඳු ලේඛනයක් ඉදිරිපත් කිරීමට එම ව්‍යාපාරිකයා අපොහොසත් වී ඇත.

අදාළ වැටලීම සම්බන්ධව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරන ලද අතර එහිදී වරද පිළිගත් ව්‍යාපාරිකයාට රු.20,000/-ක දඩ මුදලක් නියම කර රුපියල් මිලියනයක පමණ වෙළෙඳපල වටිනාමක් සහිත අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කර විනාශ කිරීමට අධිකරණය නියෝග කරන තිබේ.
ආනයනකරුවෙකුගේ හෝ නිෂ්පාදකයකුගේ තොරතුරු සඳහන් කර නොමැති භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් මිලදී නොගන්නා ලෙසත්, එවැනි භාණ්ඩ විකිණීමට ඉදිරිපත් නොකරන ලෙස සිල්ලර වෙළෙඳුන් දැනුවත් කරන අතර එවැනි භාණ්ඩ මිලදීගැනීමෙන් වළකින ලෙස එම අධිකාරරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...