18 න් පහළ ආසියානු කාන්තා සහ පිරිමි හොකී තරගවලදී මෙතෙක් පිරිමි කණ්ඩායමට පමණක් එක් ජයක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 10, කොළඹ LNW:

චීනයේ ඩෂ්හෝ හී පැවත්වෙන අවුුරුදු 18 න් පහළ ආසියානු හොකී සූරතාවලියේදී ශ්‍රී ලංකාවට මූලික වටයේ දී හොඳින් දස්කම් දක්වන්නට අවස්ථාව හිමි වුණේ නැහැ. පිරිමි ක්‍රීඩකයින් මූලීක වටයේදි තරග 4 ට සහභාගි වී එක් තරගයක් ජය ගන්නට සමත් වුණා.ඔවුන් මොංකොං කණ්ඩායමට එරෙහිව 2-0 ක් ලෙස ජය ගත් අතර ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හතර තුළ ම ඔවුන්ට ලබා ගන්නට හැකි වුණේ එම ගෝල 2 පමණයි.එම ගෝල රැස් කිරීමේදී රාගයන් කොගුල් සහ මොහොමඩ් අක්රම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල වාර්තා කරන්නට සමත් වුණා.
කාන්තා කණ්ඩායම සහභාගි වූ මූලික තරග 3 ම පරාජයට පත් වුණා.ඔවුන්ට තරග 3 තුළදීම ගෝල වාර්තා කරන්නට නොලැබුණත් පස්වන සහ අටවන ස්ථානය තීරණය කරන තරගවලදී එක් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුණා.ඒ උස්බෙකිස්තානයට එරෙහිවයි.එහිදී තරගයපරාජය වූ අවස්ථාවේදී උස්බෙකිස්තානය ගෝල 2 ක් වාර්තා කරද්දී ශ්‍රී ලංකාවට ද එක් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණා.එය නේසාධි සමරකෝන් විසින් වාර්තා කරනු ලැබුවා.


පිරිමි කණ්ඩායම පරාජය වූ තරගවලදී චීනයට සහ පකිස්තානයට ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල නවය බැඟීන් රැස් කරන්නට අවස්ථාව ලබා දුන්නා.ශ ී ලංකාව බරපතලහ ප්‍රහාරයට ලක් වූවේ බංගලාදේශයට එරෙහිවයි.එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශය ලකුණු 13 – 0 ක ජයක් වාර්තා කරන්නට සමත් වුණා.


මූලික තරගවලදී චීනය ලකුණු 13 ක් ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගන්නට සමත් වුණා.චීන තායිපේ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ගේල 3- 0 ක් ලෙස ද කසකස්තානය ගෝල 2-0 ක් ලෙස ද ජය‍රහණ වාර්තා කරන්නට සමත් වුණා.ශ්‍රී ලංකාව අද පස්වරුවේ කාන්තා අංශයේ පස්වන සහ අටවන තැන තීරණය කරන කණ්ඩායම් අතර තරගයකට හොංකොං කණ්ඩායම සමඟ තරග වදිනවා.කාන්තා තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වුණා.


ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරගාවලියේ හත්වන සහ අටවන තැන් තීරණ්‍ය කිරීමට පැවත්වෙන තරගයට මුහුණ දෙන්නට සූදානම් ව සිටිනවා.ඒ ඉන්දුනීසියාව සමඟයි.පිරිමි කාණ්ඩයේ දී තරගාවලිය නියෝජනය කළ මුළු කණ්ඩායම් ප්‍රමාණය 11 ක් ලෙස දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...