අරගලය අවසන් නෑ – අරගලකරුවන් තවමත් ජනාධිපති මන්දිරය අවට

Date:

මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත් වූ ඊයේ දිනයේදී ලක්ෂ ගණනක් ජනතාව කොළඹ නගරය වෙත ඇදී ආ අතර අවසානයේදී ඔවුන් ජනාධිපති මන්දිරය මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයද සිය පාලනයට නතුකර ගැනීමට සමත් විය. කෙසේ නමුත් ඒ වනවිටත් ජනාධිපතිවරයා ආරක්ෂිතව පළාගොස් තිබිණි.

08 වැනිදා පස්වරුවේ සිට අරගලකරුවන් කොළඹ නගරය වෙත පැමිණීම ආරම්භ කළ අතර කැලණිය විශ්වවිද්‍යාලය අසල සිට පා ගමනින් පැමිණි විශ්වවිද්‍යාල සිසුන් කොටුව ප්‍රදේශයේ දිගින් දිගටම රැඳී සිටියේය. ඒ වනවිටත් ගෝල්ෆේස් අසල ගෝඨා ගෝ ගම අරගල භූමිය වෙත තවත් දහස් ගණනක් එක්රොක් වී සිටියේ ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතියද නොතකාය.

ප්‍රවාහන අපහසුතා මධ්‍යයේ ඊයේ උදෑසන සිට දස දහස් ගණනින් ජනතාව කොළඹ නගරය වෙත පැමිණි අතර මාර්ග බාධක එකිනෙක බිඳ දමමින්, කඳුළු ගෑස්, අධිපීඩන ජල ප්‍රහාර පරයමින් අරගලකරුවන් ජනාධිපති මන්දිරය වෙත පැමිණි අතර අවසානයේදී ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකිවිය. ඉන්පසු ජනාධිපති ලේකම් කාර්යාලයද අරගලකරුවන්ගේ පාලනයට නතු විය.

අද උදෑසන වනවිටත් ජනතාව විශාල ප්‍රමාණයක් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අවට රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට තායිලන්තයේ පාඨමාලාවක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: සැප්තැම්බර් 08 – 13 දක්වා...

ලිහිණිය එස්එස්සී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන පියාඹයි

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති...

My Red Comrade: විපරීත සමාජයකට යතුරු සිදුරෙන් ගිය පැරනොයික චිත්‍රපටයක්

සුදත් මහදිවුල්වැව මීට ටික කලකට කලින් කරපු My Red...

KDU ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව එළැඹෙන සැප්තැම්බරයේ දී…

රෂිකා හෙන්නායක අගෝස්තු 08, කොළඹ LNW: ජනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල...