පුලුවන් නං එන්න සටනට, අපිත් එක්ක හැප්පිලා කාටවත් දිනන්න බෑ – පුටින්ගෙන් ලෝක බලවතුන්ට අභියෝගයක් !

ලෝක බලවතුන් යැයි කියා ගන්නා බටහිර රටවල් දිගින් දිගටම රුසියාවට එරෙහිව විවිධ පියවර ගනිමින් සිටින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. ඒ කිසිදු උත්සාහයකින් තමන් බිඳකුදු සැළෙන්නේ නැති බවයි රුසියානු නායකයා අවධාරණය කරන්නේ.

රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා පැවැත්වීමට බටහිර රටවල් රැසක් මුලින් ඉදිරිපත් වූ නමුත් මේ වනවිට ඔවුන්ට ඒ සියල්ල අමතක වී ඇති බවද පුටින් සඳහන් කරනවා.

පුරසාරම් දෙඩීමෙන් පමණක් නතර නොවී හැකිනම් තමන් සමග මුහුණට මුහුණ සටනට පැමිණෙන්නැයි බටහිර රටවලට අභියෝග කරන රුසියානු නායකයා පවසන්නේ යුද පිටියේදී රුසියාව පරාජය කිරීමට කිසිදු රටකට නොහැකි බවයි. ඕනෑම රටක් සමග කුමන අවස්ථාවක වුවද සටනට පිවිසීමට රුසියාව පසුබට නොවන බවද ඔහු පවසනවා.

පසුගියදා අවසන් වූ ජී-7 සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් සිදුකළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් පුටින් මේ බව සඳහන් කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...