අගමැතිගේ නිවස ගිනි තැබීම ගැන පරීක්ෂණ රහස් පොලීසියට – අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීමට අදාල පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබෙනවා. මෙම සිදුවීම පිළිබඳ මූලික පරීක්ෂණ කොල්ලුපිටිය පොලීසිය මගින් සිදු කෙරිණි.

පොලිස්පතිවරයාගේ නියමයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති අතර එම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් අද අගමැතිගේ පුද්ගලික නිවස වෙත ගොස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර මෙම සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා. කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

සිද්ධියට අදාල සීසීටීවී දර්ශන සහ ඇසින් දුටු සාක්ෂි මත පදනම්ව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පවසා තිබෙන්නේ.

අදාල සැකකරුවන් හඳුනා ගැනීම සඳහා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් ලබන 20 වැනිදා පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : අද (08)...

චිලව්, පිතිකාරීණියන් සඟවා ජය ලබයි.පෝල් ඇඩම්ස්යානු ආවේශය ශෂිනිගෙන් කඩුලු 3 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: තරගාවලියේ වැඩිම ජයග්‍රහණ සමඟ ලකුණු...

අළු ඉදිරියේත් නිල් නිල් වෙයි – නුවනිඳු පිත්තෙන් සහ ඒෂාන් පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන...

මේක අපි ලැබූ ජයග්‍රහණයක් : සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : සුප්‍රීම් සැට් පෞද්ගලික...